පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2158/’11
ගරු දයාසිරි ජයසේකර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ, පඬුවස්නුවර අධ්‍යාපන කොට්ඨාසයේ හෙට්ටිපොල ආදර්ශ ප‍්‍රාථමික විද්‍යාලයේ බහුකාර්ය තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරන්නේද;
(ii) ඒ සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;
(iii) ඒ සඳහා ප්‍රතිපාදන සපයාගත් ආකාරය කවරේද;
(iv) එකී ඉදිකිරීම් රජයේ ප‍්‍රතිපාදන මත සිදු නොකරන්නේ නම්, ප‍්‍රතිපාදන ලබා දුන් අයගේ නම සහ ලිපිනය කවරේද;
(v) එම ඉදිකිරීම ආරම්භකරන ලද දිනය කවරේද;
(vi) ගිවිසුම් අනුව එහි ඉදිකිරීම් අවසන් කළ යුතු දිනය කවරේද;
(vii) මේ වනවිට එකී ඉදිකිරීම් අවසන්කර තිබේද;
(viii) ඉදිකිරීම් අවසන්කර නොමැති නම්, එයට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-15
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ගාමිණී විජිත් විජයමුණි ද සොයිසා මහතා
(மாண்புமிகு காமினி விஜித் விஜயமுனி த சொய்சா)
(The Hon. Gamini Wijith Wijayamuni De Zoysa)
පැටලෙන්නට ඕනෑ නේද? Very good, very good.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යතුමා වෙනුවෙන් එම ප්‍රශ්නයට මා පිළිතුර දෙනවා.
(අ) (i) නැත. (වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකගේ ලිපියට අනුව)
(ii) ඇස්තමේන්තුවක් නැත.
(iii) ආදි ශිෂ්‍යයකුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයකි.
(iv) එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ජාලිය කුලසේකර මහතා, මඟ නැගුම සභාපති.
ලිපිනය- හලාවත පාර, හෙට්ටිපොළ.
(v) 2009.02.10.
(vi) අනුග්‍රාහක පදනම මත කෙරෙන ඉදිකිරීමක් බැවින් ස්ථිර දිනයක් දක්වා නොමැත.
(vii) නැත. (වයඹ පළාත්අධ්‍යාපන අධ්‍යක්ෂකගේ ලිපියට අනුව)
(viii) වයඹ පළාත් අධ්‍යාපන ලේකම්ගේ 2012.12.03 දිනැති ලිපියට අනුව මෙම ඉදිකිරීම් ආරම්භ කර අත්තිවාරම් වැඩ කර ගෙන යාමේදී එයට යොදා ගත් කම්බිවල ප්‍රමිතිය නෙගැළපෙන බව ප්‍රාදේශීය ඉංජිනේරු විසින් කොන්ත්‍රාත්කරුට දන්වා ඇත. තවද, ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ අනුමැතිය නොගැනීම හා පළාත් ආයතනවල විරෝධතාවය නිසා ඉදිකිරීම් නවතා ඇත. මේ වන විට දීර්ඝ කාලයක් මෙසේ තිබීම නිසා අත්තිවාරම් කම්බි දිරායාම හේතුවෙන් එය ඉවත් කර එම භූමිය සමතලා කර තිබේ. ඒ අනුව මෙම ස්ථානයේ ගොඩනැඟිල්ලක් සෑදීම සිදු නොවන බව තවදුරටත් වයඹ පළාත් ලේකම් (ප්‍රධාන අමාත්‍යාංශය) විසින් සඳහන් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු විජිත් විජයමුණි සොයිසා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks