පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1330/2023
ගරු ඉෂාක් රහුමාන් මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති ලංකා බැංකු ශාඛා සංඛ්‍යාව කොපමණද;
(ii) වර්ෂ 2015 සිට 2020 දක්වා එම ශාඛා විසින් රුපියල් මිලියන 5කට වඩා වැඩියෙන් ණය ලබා දී ඇති සමාගම් හා පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම කාලය තුළ ලබා දෙන ලද ණය මුදල් අතරින් මේ වනවිට අය කර ගැනීමට නොහැකිව ඇති ණය මුදල් ප්‍රමාණය කොපමණද;
(iv) එම ණය මුදල් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද;
(v) ඉහත (iii)හි සඳහන් ණය මුදල් අතරින් බොල් ණය ලෙස කපා හැර ඇති ණය මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-24
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks