04

E   |     |  

 දිනය: 2023-03-23   පිළිතුර ලබා දී ඇත 

1328/2023: අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන බැංකු ශාඛා: 2015-2020 දක්වා ලබා දී ඇති ණය

1328/2023

ගරු ඉෂාක් රහුමාන් මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති මහජන බැංකු ශාඛා සංඛ්‍යාව කොපමණද;

             (ii)       වර්ෂ 2015 සිට 2020 දක්වා එම ශාඛා විසින් රුපියල් මිලියන 5කට වඩා වැඩි ණය ලබා දෙන ලද සමාගම් හා පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම කාලය තුළ  ලබා දෙන ලද ණය මුදල් අතරින් ‍මේ වනවිට අය කර ගැනීමට නොහැකිවී ඇති ණය මුදල් ප්‍රමාණය කොපමණද;

(iv) එම ණය  මුදල් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද;

 

(v) ඉහත (iii)හි සඳහන් ණය මුදල් අතරින් බොල් ණය ලෙස කපා හැර ඇති ණය මුදල ‍කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-23

අසන ලද්දේ

ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ප්‍රධාන ශාඛා         16

                        සේවා මධ්‍යස්ථාන    17

                         එකතුව               33

              (ii)     

 

විස්තරය

ණය සංඛ්‍යාව

ණය මුදල (රු.මිලියන)

සමාගම්

17

       591.34

පුද්ගලයින්/තනි පුද්ගල ව්‍යාපාර/හවුල් ව්‍යාපාර

472

    4,731.53

එකතුව

489

    5,322.87

 

(iii) ණය මුදල් සංඛ්‍යාව 21කි.

ණය මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 156.46කි.

(iv) ණය මුදල් 15ක් සඳහා නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇත.

ණය මුදල් 05ක් සඳහා ප්‍රතිලේඛනගත කිරීම් සිදු කර ඇති අතර, ඉතිරි ණය මුදල ප්‍රතිලේඛනය කිරීමට කටයුතු කරමින් පවතී.

(v) ණය මුදල් බොල් ණය ලෙස කපා හැර නොමැත.

 

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2023-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks