පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1327/2023
ගරු ඉෂාක් රහුමාන් මහතා,— කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) එප්පාවල, සීමාසහිත ලංකා පොස්පේට් සමාගමේ සේවය කරනු ලබන සේවකයන් සංඛ්‍යාව;
(ii) ඒ අතරින් විධායක ශ්‍රේණියේ නිලධාරින් සංඛ්‍යාව;
(iii) එම නිලධාරින්ගේ මාසික ප්‍රවාහන දීමනාව;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එප්පාවල, සීමාසහිත ලංකා පොස්පේට් සමාගම විසින් මාසිකව නිෂ්පාදනය කරනු ලබන පොහොර ටොන් ප්‍රමාණය;
(ii) කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටියක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන මුදල;
(iii) පොහොර නිෂ්පාදනයට දායක වන සේවකයන් සංඛ්‍යාව;
කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉහත ආයතනය පාඩු ලබන ආයතනයක් බව පිළිගන්නේද;
(ii) එසේ නම්, එම ආයතනය, ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-10
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks