පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1326/2023
ගරු ඉෂාක් රහුමාන් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගා කරන ලද බිම් ප්‍රමාණය;
(ii) වර්ෂ 2020/2021 මහ කන්නයේදී බඩඉරිඟු වගා කරන ලද බිම් ප්‍රමාණය;
(iii) එම කන්නයේ වගා කිරීම සඳහා භාවිත කරන ලද දේශීය බඩඉරිඟු බීජ ප්‍රමාණය සහ ආනයනික බීජ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන්;
(iv) දේශීය බඩඉරිඟු බීජ කිලෝග්‍රෑම් එකක සහ ආනයනික බීජ කිලෝග්‍රෑම් එකක මිල වෙන් වෙන් වශයෙන්;
කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) අක්කර එකක බඩඉරිඟු වගාකිරීම සඳහා අවශ්‍ය බීජ ප්‍රමාණය;
(ii) එම බීජ සඳහා වැය වන මුදල;
කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-08
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) හෙක්ටෙයාර 63,450
(ii) හෙක්ටෙයාර 97,122
(iii) දේශීය බඩඉරිඟු බීජ ප්‍රමාණය - මෙට්‍රික් ටොන් 74.76
ආනයනික බීජ ප්‍රමාණය - මෙට්‍රික් ටොන් 1213.30
(iv) ආනයනික දෙමුහුම් බීජ කිලෝග්‍රෑම් එකක මිල - රුපියල් 3,500.00 සිට රුපියල් 3,700.00 දක්වා වර්ගය අනුව වෙනස් වේ.
දේශීය දෙමුහුම් බඩඉරිඟු බීජ කිලෝග්‍රෑම් එකක මිල - රුපියල් 1,700.00
දේශීය විවෘත පරාගිත බඩඉරිඟු බීජ කිලෝග්‍රෑම් එකක මිල - රුපියල් 300.00
(ආ) (i) කිලෝග්‍රෑම් 5යි.
(ii) ආනයනික දෙමුහුම් බීජ සඳහා වැය වන මුදල - රුපියල් 17,500.00 සිට රුපියල් 18,500.00
දේශීය දෙමුහුම් බඩඉරිඟු බීජ සඳහා වැය වන මුදල - රුපියල් 8,500.00
දේශීය විවෘත පරාගිත බඩඉරිඟු බීජ සඳහා වැය වන මුදල - රුපියල් 1,500.00
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-04-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks