පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1325/2023
ගරු ඉෂාක් රහුමාන් මහතා,— කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි සහනාධාරලාභීන් සංඛ්‍යාව කොපමණද;
(ii) මේ වනවිට එම දිස්ත්‍රික්කයේ සවිබලගන්වන ලද සමෘද්ධි සහනාධාරලාභින් සංඛ්‍යාව කොපමණද;
(iii) සමෘද්ධි සහනාධාරය ලබා ගැනීමේ අරමුණින් ඉල්ලුම් කර ඇති පවුල් විශාල සංඛ්‍යාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින බව දන්නේද;
(iv) එම පවුල් සඳහා සමෘද්ධි සහනාධාරය ලබා දීමට පියවර ගන්නේද;
(v) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-26
අසන ලද්දේ
ගරු ඉෂාක් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) 2023 ජුනි මාසය වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමෘද්ධි සහනාධාරලාභී පවුල් සංඛ්‍යාව 64,803කි.
(ii) දැනට සවිබලගන්වන ලද පවුල් සංඛ්‍යාව 8,399කි. (2020.01.01 සිට 2023.07.17 දින දක්වා)
(iii) 2023 ජූනි මස වන විට සමෘද්ධි පොරොත්තු ලේඛනගත පවුල් 45,069ක් සිටි අතර වර්තමානයේ ක්‍රියාත්මක වන අස්වැසුම වැඩසටහනත් සමඟ තවදුරටත් සමෘද්ධි පොරොත්තු ලේඛන පවත්වාගෙන යෑමේ හැකියාවක් නොමැත.
(iv) සමෘද්ධි සහනාධාරලාභීන් ලෙස සිටි පවුල් සියල්ලම මෙන්ම, පොරොත්තු ලේඛනගත පවුල් ද අස්වැසුම ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කර ඇත්නම් හා එම වැඩසටහන යටතේ ප්‍රතිලාභ සඳහා හිමිකම් ලබා ඇත්නම් එම දීමනාව හිමිවනු ඇත.
(v) අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන 2023 ජූලි මස සිට ක්‍රියාත්මක වීමට නියමිතය. එහි සැලසුම සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මඟින් විටින් විට දැනුම් දෙනවා.
(ආ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-08-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුප පස්කුවල් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks