පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2155/’11
ගරු දයාසිරි ජයසේකර මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2011 වර්ෂය තුළදී දේශීය හෝ විදේශීය ආයෝජකයන්ට ලබා දීමට තීරණය කළ හෝ ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එම ඉඩම් පිහිටි ස්ථාන සහ එක් එක් ඉඩමේ ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ආයෝජකයින්ට එම එක් එක් ඉඩම ලබා දීමට හේතු කවරේද;
(iv) එම ඉඩම් ලබා දෙන කාල සීමාව සහ ඉඩම් ලබාදීමේ පදනම කවරේද;
(v) ලබා දුන් හෝ ලබා දෙන එක් එක් ඉඩම වෙනුවෙන් ලැබුණු මුදල හෝ ලැබීමට අපේක්ෂිත මුදල කොපමණද;
(vi) ඉඩම් ලබාදීමෙන් ලැබෙන මුදල යොදාගනු ලබන කටයුත්ත කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-14
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
(மாண்புமிகு லக்ஷ்மன் யாப்பா அபேவர்தன)
(The Hon. Lakshman Yapa Abeywardena)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) (i) අක්කර 510යි. (තීරණය කළ ප්‍රමාණය) (මෙම ඉඩම් ප්‍රමාණය ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය මඟින් ආයෝජකයින්ට දී ඇති ප්‍රමාණය පමණි.) -අදාළ සියලුම විස්තර ඇමුණුම "A" වගුවේ දක්වා ඇත. එය සභාගත* කරමි.
(ii) ත්‍රිකුණාමලය, කුච්චවේලි, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉරක්කන්ඩි පාලමේ සිට සලපයාරු පාලම දක්වා වූ සංචාරක කලාපයට අයත් මුහුදු වෙරළට මායිම් වන ඉඩම්. (අක්කර 510) "A" ලෙස අමුණා ඇති වගුවේ අංක ii තීරුව යටතේ දක්වා ඇත.
(iii) සංචාරක කර්මාන්තය සඳහා. "A" ලෙස අමුණා ඇති වගුවේ අංක iii තීරුව යටතේ විස්තර දක්වා ඇත.
(iv) අවුරුදු 99ක බදු කාලයකට යටත්ව ඒ ඒ ආයෝජකයන් විසින් ඉදිරිපත් කරන ලද සංවර්ධන යෝජනා ඇගයීමට ලක් කිරීමෙන් පසුව. "A" ලෙස අමුණා ඇති වගුවේ vi තීරුව යටතේ විස්තර දක්වා ඇත.
(v) අක්කරයකට රුපියල් මිලියන 20ක් බැගින් එකවර ගෙවීමකින් මුදල් ලබා ගන්නා අතර, දැනට අක්කර 30ක් වෙනුවෙන් රුපියල් මිලියන 600ක් උපයා ඇත. "A" ලෙස අමුණා ඇති වගුවේ "v" තීරුව යටතේ විස්තර දක්වා ඇත.
(vi) උපයන ලද මුදල් සියල්ල රාජ්‍ය භාණ්ඩාගාරයට බැර කර ඇත. (රාජ්‍ය ආදායමට) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් සඳහා එම මුදල් යොදා ගනු ලැබේ.
මෙමඟින් ආයෝජන මණ්ඩලය යටතේ පවත්වා ගෙන යනු ලබන අපනයන සැකසුම් කලාප හා කාර්මික උද්‍යාන තුළ යටිතල පහසුකම් සංවර්ධනය හා නඩත්තු කිරීමද, ආයෝජන ප්‍රවර්ධන වියදම්ද, සේවක වැටුප් සහ වේතනද, අනෙකුත් පරිපාලන වියදම්ද ආවරණය වනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
*සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
පිළිතුරු දුන් දිනය
2013-01-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks