05

සි   |     |  

 Date: 2012-11-14   Answered 

2155/2012: PROVISION OF LAND TO LOCAL AND FOREIGN INVESTORS : DETAILS

Hon. Dayasiri Jayasekara,— To ask the Minister of Economic Development,—

(a) Will he state—

(i) the extent of lands provided or decided to be provided to local or foreign investors in the year 2011;

(ii) separately, the location of the aforesaid lands and the extent of each land;

(iii) the reasons for providing each of the aforesaid land to investors;

(iv) the period of time for which the aforesaid lands will be provided  and the basis on what it is done;

(v) the amount of money received or expected to be received on behalf of each land provided or to be provided; and

(vi) the purpose for which the money received from providing lands will be used ?

(b) If not, why ?

 

Asked Date

2012-11-14

Asked by

Hon. Dayasiri Jayasekara, Attorney at Law, M.P.

Ministry

Economic Development

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා

(மாண்புமிகு லக்ஷ்மன்  யாப்பா  அபேவர்தன)

(The Hon.  Lakshman  Yapa  Abeywardena)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)          (i)         අක්කර 510යි. (තීරණය කළ ප්‍රමාණය) (මෙම ඉඩම් ප්‍රමාණය ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය මඟින් ආයෝජකයින්ට දී ඇති ප්‍රමාණය පමණි.) -අදාළ සියලුම විස්තර ඇමුණුම "A"  වගුවේ දක්වා ඇත.  එය සභාගත* කරමි.

     (ii)  ත්‍රිකුණාමලය, කුච්චවේලි, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉරක්කන්ඩි පාලමේ සිට සලපයාරු පාලම දක්වා වූ සංචාරක කලාපයට අයත් මුහුදු වෙරළට මායිම් වන ඉඩම්. (අක්කර 510)  "A" ලෙස අමුණා ඇති වගුවේ අංක ii තීරුව යටතේ දක්වා ඇත.

    (iii)  සංචාරක කර්මාන්තය සඳහා.  "A" ලෙස අමුණා ඇති වගුවේ අංක iii තීරුව යටතේ විස්තර දක්වා ඇත.

    (iv) අවුරුදු 99ක බදු කාලයකට යටත්ව ඒ ඒ ආයෝජකයන් විසින් ඉදිරිපත් කරන ලද සංවර්ධන යෝජනා ඇගයීමට ලක් කිරීමෙන් පසුව.  "A" ලෙස අමුණා ඇති වගුවේ vi තීරුව යටතේ විස්තර දක්වා ඇත.

    (v)  අක්කරයකට රුපියල් මිලියන 20ක් බැගින් එකවර ගෙවීමකින් මුදල් ලබා ගන්නා අතර, දැනට අක්කර 30ක් වෙනුවෙන් රුපියල් මිලියන 600ක් උපයා ඇත.  "A" ලෙස අමුණා ඇති වගුවේ "v" තීරුව යටතේ  විස්තර දක්වා ඇත.

    (vi) උපයන ලද මුදල් සියල්ල රාජ්‍ය භාණ්ඩාගාරයට බැර කර ඇත. (රාජ්‍ය ආදායමට) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් සඳහා එම මුදල් යොදා ගනු ලැබේ.

මෙමඟින් ආයෝජන මණ්ඩලය යටතේ පවත්වා ගෙන යනු ලබන අපනයන සැකසුම් කලාප හා කාර්මික උද්‍යාන තුළ යටිතල පහසුකම් සංවර්ධනය හා නඩත්තු කිරීමද, ආයෝජන ප්‍රවර්ධන වියදම්ද, සේවක වැටුප් සහ වේතනද, අනෙකුත් පරිපාලන වියදම්ද ආවරණය වනු ලැබේ.

(ආ) අදාළ නොවේ.

*සභාමේසය මත තබන ලද ඇමුණුම:

  சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :

  Annex tabled:

 

 

 

Answered Date

2013-01-24

Answered by

Hon. Lakshman Yapa Abeywardena, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks