01

E   |     |  

 දිනය: 2023-03-08   පිළිතුර ලබා දී ඇත 

1297/2023: Ceylon Shipping Corporation Ltd.

1297/2023

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— වරාය, නාවික හා ගුවන් සේවා  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      සීමාසහිත ලංකා නැව් සංස්ථාව ස්ථාපිත කළ දිනය කවරේද;

             (ii)      එම සංස්ථාව ස්ථාපිත කිරීමේ අරමුණු කවරේද;

             (iii)      මේ වනවිට එම සංස්ථාවේ සේවයේ නියුතු සේවක සංඛ්‍යාව කොපමණද;

(iv) මේ වනවිට එම සංස්ථාව සතු නැව් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2015 වර්ෂයේ සිට මේ දක්වා එම සංස්ථාවේ ලාභය/අලාභය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) සීමාසහිත ලංකා නැව් සංස්ථාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-08

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය, නාවික හා ගුවන් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      1971 ජූනි මස 08 වැනි දා.

              (ii)      •        මුහුදු මාර්ගයෙන් භාණ්ඩ තැපැල් සහ මගීන් ප්‍රවාහනය සඳහා ආයතනික සේවාවන් ක්‍රියාත්මක කිරීම.

                        •        නැව් හිමිකරුවන් ලෙස ව්‍යාපාර කරගෙන යාම සඳහා නැව් හා යාත්‍රා නැව් තැරැව්කරුවන්/නැව් නියෝජිතයන් සහ වෙනත් අනුබද්ධ සේවා සැපයීම.

•  නැව් හා යාත්‍රා ගොඩනැඟිලි නඩත්තු කිරීම/අලුත්වැඩියා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සිදු කිරීම.

(iii) 106යි.

(iv) 2යි: "Ceylon Princess" and "Ceylon Breeze".

 

(ආ) (i) පහත වගුවේ දැක්වේ.

සැ.යු.: ලංකා නැව් සංස්ථාවේ මූල්‍ය වර්ෂ අනුව (අප්‍රේල් 01 සිට මාර්තු 31 දක්වා) සියලුම ගණනය කිරීම් කරනු ලබයි.

 

 සියලුම ගණනය කිරීම් රුපියල් මිලියනවලින් දක්වා ඇත.  

ගිණුම් වර්ෂය

2014/15

2015/16

2016/17

2017/18

2018/19

2019/20

2020/21

2021/22

මුළු ආදායම

622.97

617.07

2541

2499

3053

3849

3095

7877

මෙහෙයුම් වියදම

(134.89)

(260.99)

(1601)

(1665)

(2076)

(2637)

(2043)

(5707)

දල ලාභය

488.07

356.07

940

834

977

1212

1052

2170

වෙනත් ආදායම්

36.69

(9.83)

183

257

237

177

230

472

පරිපාලන වියදම්

(189.83)

(184.75)

(210)

(220)

(221)

(216)

(215)

(264)

වත්කම් හානි වීම

(138.87)

(51.47)

(42)

(60)

(133)

(216)

(163)

(177)

මෙහෙයුම් ලාභය

196.05

110.01

871

811

860

845

904

2201

හුවමාරු අලාභය

     -

13.07

(502)

(294)

(1487)

(1010)

(684)

(6081)

පොලී වියදම- නැව් තැනීමට ගත් ණය

38.64

198.40

(652)

(767)

(930)

(942)

(757)

(728)

සමාගම්වල ලාභයේ කොටස

12.33

16.54

 13

 17

 34

 22

 10

 40

ලාභය/(පාඩුව) ආදායම් බද්දට පෙර

(239.95)

(123.81)

(270)

(233)

(1523)

(1085)

(527)

(4568)

වසරක් සඳහා ආදායම් බද්ද

(155.01)

(49.49)

 33

(12)

-

-

-

-

කාල පරිච්ඡේදය සඳහා විලම්භීත බද්ද

  -

  -

 -

69

420

(69)

(286)

(1198)

මුළු ලාභය

124.94

74.32

  -

 -

-

-

-

-

මුළු අලාභය

   -

  -

(237)

(176)

(1103)

(1154)

(813)

(5766)

                        ඒ අනුව මෙහෙයුම් ලාභය වශයෙන් හැම අවුරුද්දකම ලැබී තිබෙනවා, රුපියල් මිලියන 196.05ක්, 110.01ක්, 871ක්, 811ක්, 860ක්, 845ක්, 904ක් සහ 2,201ක්.

 

                        නමුත් හුවමාරු අලාභයක්, ඒ කියන්නේ exchange rate එක වෙනස් වීම නිසා ගණනය කිරීමේදී අපට පාඩුවක් පෙන්වනවා,  2016 වර්ෂයේ සිට මේ දක්වා. නමුත් දැන් exchange rate එක අඩු වේගෙන යනකොට අපට මේ පාඩුව අඩු කර ගන්න පුළුවන් වෙනවා. මොකද, අපි විශාල ණය මුදලක් අරගෙන තමයි මේ නැව් දෙක මිලදී ගෙන තිබෙන්නේ.  ඒකට People's Bank එකෙන් ලබා ගත්ත ණය මුදලට පොලී සහ වාරික ගෙවන අවස්ථාවේදී ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වීම නිසා අපට විශාල මුදල් ප්‍රමාණයක් ගෙවන්න සිදු වුණා. ඒ නිසා මේ accounts adjust කරනකොට accounting procedure එක අනුව අපට අලාභයක් පෙන්නුම් කරනවා.

 

  (ii) අමාත්‍යාංශය විසින් ගෙන ඇති පියවර මෙසේයි.

1. 2023/24 කාලය සඳහා විදේශ විනිමය ඉපැයීම වෙනුවෙන් ලංකා නැව් සංස්ථාව සතු නෞකා දෙක ලක්විජය බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු තොග ප්‍රවාහනය කිරීමට අමතරව වියළි තොග ප්‍රවාහන කටයුතුවල යෙදවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගෙන එම කාර්යයෙහි යොදවා විදේශ විනිමය ඉපැයීමට අවසර ලබා දීම.

2. නැව් සංස්ථාව මඟින් ආනයන-අපනයන කටයුතු, නිෂ්කාශණ සේවා, නැව් තැරැව්කාර සේවා ඇතුළු සේවා රැසක් සම්පාදනය කරමින් ආයතනයේ මූල්‍ය තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කිරීම.

 

රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛ අංක 415 යටතේ සියලු රාජ්‍ය ආයතනවල සිදුවන ආනයන කටයුතු නැව් සංස්ථාව හරහා ඉටු කර ගත යුතු වුවත්, බොහෝ රාජ්‍ය ආයතනවල ඒ පිළිබඳ දැනුවත්භාවය හීන වී ඇති බැවින් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම්ගේ අත්සනින් යුතු අංක MPS/P&D/02/04/08Vol.ii හා 2022/11/29  දිනැති චක්‍රලේඛය මඟින් උක්ත අංක 415 චක්‍රලේඛය තවදුරටත් යාවත්කාලීන කිරීම.

රුපියල් මිලියන 262ක් පමණ වටිනාකමින් යුතු වූ කොළඹ 02 ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව පැවති ඉඩමක් 2023/02/27 වන දින නැව් සංස්ථාවට අමාත්‍යාංශයේ මැදිහත් වීම තුළින් සින්නක්කරව පවරා ගනු ලැබූ අතර, ඒ අනුව 2022/2023 අවසන් වන ගිණුම්කරණ වර්ෂය සඳහා ආයතනයේ ජංගම නොවන වත්කම් වැඩි කර ගැනීම.

විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සියලුම තානාපති කාර්යාල දැනුවත් කරමින් ආනයන හා අපනයන කටයුතු නැව් සංස්ථාව හරහා සිදු කිරීමට අවශ්‍ය දැනුවත් කිරීම් සිදු කර නව ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීම.

මෙම ව්‍යාපෘතිවලට අමතරව ආයතනයේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කර ගැනීම සඳහා පහත සඳහන් නව ව්‍යාපෘති හඳුනාගෙන ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම් වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය මඟින් නැව් සංස්ථාව වෙත ලබා දී ඇත.

  • වර්තමානයේ නොරොච්චෝලේ බලාගාරය සඳහා නැව්වල සිට ජැටිය දක්වා ගල්අඟුරු ප්‍රවාහනය සිදු කරනු ලබන්නේ විදේශීය ආයතන සතු බත්තල් උපයෝගි කර ගනිමිනි. ඒ තුළින් පසුගිය වසර 10 තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 50.74ක පමණ ප්‍රමාණයක් විදේශ ආයතන වෙත ගෙවීමට සිදුව ඇත. එම විදේශ විනිමය අප රට තුළ රඳවා ගැනීම සඳහා ලංකා නැව් සංස්ථාව විසින් නව බත්තල් 05ක් ඉදිකර එම කාර්යය සඳහා යෙදවීමට අපේක්ෂා කරයි. මෙම යෝජනාවට ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ මූලික එකඟතාව පළ වී ඇති අතර, එය කැබිනට් මණ්ඩල අනුමැතිය සඳහා යොමු කර ඇත.
  • ලංකා ඛනිජ වැලි සංස්ථාව සමඟ එකතුව ඔවුන් අපනයනය කරනු ලබන ඛනිජ වැලි, නැව් මඟින් ප්‍රවාහනය කිරීම තුළින් ඒ හරහා ඇතිවන මෙහෙයුම් කටයුතු (බත්තල් මඟින් ඛනිජ වැලි ප්‍රවාහනය කිරීම) ලංකා නැව් සංස්ථාව මඟින් සිදු කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණ තිබේ. ඒ සඳහා, දැනට ශේෂව පවතින පුල්මුඩේ ජැටිය අලුත්වැඩියා කර බත්තල් මඟින් ඛනිජ වැලි ප්‍රවාහනය කිරීමට හැකිවන අයුරින් එය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු ලංකා ඛනිජ වැලි සංස්ථාව මඟින් සිදු කිරීමට ක්‍රියාමාර්ග ගනු ලබයි. එමඟින් ඔවුන්ගේ අපනයන වියදම අඩු කර ගැනීමටත්, දැනට ගොඩබිම මඟින් ඛනිජ වැලි ප්‍රවාහනය සිදු කිරීම හේතුවෙන් මතුවී තිබෙන අධික ප්‍රවාහන වියදම මෙන්ම මහා මාර්ග අබලන්වීම වැනි පාරිසරික ගැටලු අවම කිරීමට ඔවුන් මෙමඟින් බලාපොරොත්තු වේ. මෙම නව ව්‍යාපෘතිය තුළින් ලංකා ඛනිජ වැලි සංස්ථාව මෙන්ම ලංකා නැව් සංස්ථාවත් තම ආදායම ඉහළ නංවමින් ශක්තිමත් රාජ්‍ය ආයතන ලෙසින් රටට තවදුරටත් විදේශ විනිමය ගෙන ඒමට බලාපොරොත්තු වේ.
  • ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර බහලුම් පෝෂක සේවාවක් - feeder service එකක් - ක්‍රියාත්මක කිරීම සඳහා බංග්ලාදේශ නැව් සංස්ථාව සමඟ සාකච්ඡා අරඹා ඇත.
  • සංස්ථා සභාපතිතුමාගේ අධීක්ෂණය මත වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාගේ මෙහෙයවීම යටතේ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් ඇතුළුකොට ඒකකයක් පිහිටුවා සියලුම රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතනවල ඔවුන්ගේ සැපයුම් අවශ්‍යතා හඳුනාගෙන ඒවා සපුරාදීම තුළින් සංස්ථාවේ මුල්‍ය තත්ත්වය වඩාත් සවිමත් කිරීම.

එම ඒකකය යටතේ ලබා ගත හැකි වූ නව ව්‍යාපාර අවස්ථා පහත පරිදි වේ.

  • සමුපකාර දෙපාර්තමේන්තුව වෙත එවන ලද 88 x 20GP සහල් බහලුම් නිෂ්කාසනය කිරීම සහ බෙදා හැරීම සිදු කිරීම.
  • රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වෙත බාරදී ඇති මුද්‍රණ කඩදාසි 275 x 40HC බහලුම් ප්‍රමාණයක් නිෂ්කාසනය කර දීම හා බෙදා හැරීම.
  • අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ආයනයනය කරන ලද පාසල් නිල ඇඳුම් 60 x 40HC බහලුම් ප්‍රමාණයක් ගබඩා වෙත බෙදා හැරීම සිදු කිරීම.
  • ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට බස් රථ 500ක් ආනයනය කිරීම සඳහා ප්‍රවාහන කටයුතු සම්පාදනය කිරීම - sea transport arrangement.
  • ජීප් රථ 500ක් ශ්‍රී ලංකා පොලීසිය වෙත මුහුදු මඟින් ප්‍රවාහනය කිරීම සඳහා දායක වීම.

(ඇ)  පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2023-03-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks