පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2152/’11
ගරු දයාසිරි ජයසේකර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2011 නොවැම්බර් මස 25 වැනි දින පැවති ශ‍්‍රීපාදස්ථානාධිපති ස්වාමින්වහන්සේ තේරීමේ ඡන්ද විමසුම සඳහා ඉදිරිපත් වූ භික්ෂූන්වහන්සේලාගේ නම් කවරේද;
(ii) එහිදී ඡන්දය ප‍්‍රකාශ කිරීමට අයිතිය තිබූ භික්ෂූන්වහන්සේලා සංඛ්‍යාව කොපමණද;
(iii) ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ගිහියන්ට අවස්ථාව ලබා දී තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) ඡන්දහිමි භික්ෂූන්වහන්සේලා පැහැර ගැනීමක් හෝ ඡන්දපොලට පැමිණෙන භික්ෂූන්වහන්සේලාට බාධා කිරීමක් හෝ සිදු කර තිබේද;
(ii) එසේ නම්, ඊට මැදිහත්වූ පිරිස හඳුනාගෙන තිබේද;
(iii) ඔවුන් සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග කවරේද;
(iv) එම ඡන්ද විමසීමට අදාළව රජයේ අමාත්‍යවරුන්ට සහ මහජන නියෝජිතයින්ට යම් කාර්ය භාරයක් පවරා තිබුණේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ආනන්තරීය පාපකර්මයක් වන සංඝ භේදයට හේතුවන සිදුවීම් එකී කාල සීමාවේ දී සිදු වූ බව පිළිගන්නේද;
(ii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග කවරේද;
(iii) ඉදිරියේදී එවැන්නක් සිදු නොවීමට ගන්නා ක‍්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-10-25
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා (බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு எம்.கே.ஏ.டி.எஸ். குணவர்தன - பெளத்த சாசன, மத அலுவல்கள் பிரதி அமைச்சர்)
(The Hon. M.K.A.D.S. Gunawardana - Deputy Minister of Buddha Sasana and Religious Affairs)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අග්‍රාමාත්‍යතුමා සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) පූජ්‍ය දහම්පහළ සීලානන්ද ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න ස්වාමීන් වහන්සේ.
(ii) 302යි.
(iii) නැත.
(ආ (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(iv) නැත.
(ඇ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2012-10-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks