01

E   |     |  

 දිනය: 2012-08-21   පිළිතුර ලබා දී ඇත 

2123/2012: මගනැගුම මාර්ග ඉදිකිරීම් උපකරණ සමාගම : මාර්ග සංවර්ධන අධිකාරියේ ආයෝජන

2123/’11

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සීමාසහිත මගනැගුම මාර්ග ඉදිකිරීම් උපකරණ සමාගමේ ආයෝජනය කර ඇති මුදල කොපමණද;

             (ii)       එකී මුදල් ආයෝජනය කළ වර්ෂයන් කවරේද;

(iii) එකී ආයෝජනයන් සඳහා ලැබූ ලාභය හෝ අලාභය කොපමණද;

(iv) එම මුදල් අයෝජනය කිරීමට තීරණය කළ අය කවුරුන්ද;

(v) ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් අනුමතිය ලබා ගෙන තිබේද;

(vi) එසේ නම්, ඊට අදාළ ලේඛන සභාගත කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-08-21

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නිර්මල කොතලාවල මහතා (වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு நிர்மல கொத்தலாவல - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் பிரதி அமைச்சர்)

(The Hon. Nirmala Kotalawala - Deputy Minister of Ports and Highways)

(අ)          (i)      මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සීමාසහිත මග නැගුම  මාර්ග ඉදිකිරීම් උපකරණ සමාගමේ මුදල් ආයෝජනය කර නොමැත.

              (ii)      අදාළ නොවේ.

             (iii)      අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(v) අදාළ නොවේ.

(vi) අදාළ නොවේ.

(ආ) පැන නොනගී.

 

පිළිතුරු දුන් දිනය

2013-01-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks