පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
872/2023
ගරු රෝහණ බංඩාර මහතා,— කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුර නගරයේ “අවන්ති දේවි” නමින් කාන්තා ළමා නිවාසයක් තිබෙන බව දන්නේද;
(ii) ඉහත ළමා නිවාසයේ මේ වනවිට රැකවරණය ලබන ළමුන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම ළමා නිවාසයේ විවිධ අක්‍රමිකතා සිදු වන බව දන්නේද;
(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-08-23
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
ඉතා ආන්දෝලනාත්මක සිදුවීම් වුණු "අවන්ති දේවි" ළමා නිවාසය පිළිබඳව මම පමණක් නොවෙයි, මුළු ලංකාවම දන්නවා.
(ii) ළමුන් 26දෙනෙක් ඉන්නවා. එය බාලිකා ළමා නිවාසයක්.
(iii) ඒ සම්බන්ධයෙන් වන ඇමුණුම් දෙකක් තිබෙනවා. උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්ගේ වාර්තාව ඇමුණුම I වශයෙන් ඉදිරිපත් කරනවා. කාන්තා නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය වෙත ඉදිරිපත් කර තිබෙන, අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විසින් සම්පූර්ණ කරන ලද විමර්ශන වාර්තාව ඇමුණුම II වශයෙන් ඉදිරිපත් කරනවා. එම ඇමුණුම් මම සභාගත* කරනවා.
මෙම ළමා නිවාසයේ අක්‍රමිකතා ගැන නඩු 35කට වැඩි ප්‍රමාණයක් දමා තිබෙනවා. දිගින් දිගටම මාධ්‍ය තුළින් මේ සිද්ධීන් පිළිබඳව ලොකු හෙළිදරව් කිරීමක් කළා. ළමයින් අපචාරයේ යෙදවීම ඒ අතර සිදු වුණු භයානක කටයුත්තක්. ඒවා සම්බන්ධයෙන් පොලිස් විමර්ශන දිගින් දිගටම කරගෙන යනවා, ගරු මන්ත්‍රීතුමනි. තවත් තිබෙන නඩු ඉදිරියටත් පවත්වාගෙන යනවා. හිටපු පාලකවරයා සිය දිවි නසාගත්තා. ඊට පසුව අලුත් පාලක මණ්ඩලයක් සහ පාලිකාවක් යටතේ තමයි දැන් එම ළමා නිවාසයේ කටයුතු සිදු කරගෙන යන්නේ.
(iv) අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මේ විෂයය පළාත් සභාවට අයිති විෂයයක්. මේ ළමා නිවාසය උතුරු මැද පළාත් සභාවට අයත් ආයතනයක් හැටියට තිබුණත් අපේ අමාත්‍යාංශය විශේෂ අධීක්ෂණයක් කරමින් එම අකටයුතුකම් පිළිබඳව සොයා බැලීම දිගින් දිගටම කරගෙන යනවා; නඩු පවරමින්, නඩුවලට ඉදිරිපත් වෙමින් කටයුතු කරනවා. මෙම ළමා නිවාසයේ ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කර තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාටත්, මටත් මෙහේ ඉඳලා වුණත් ඒ කැමරා පද්ධතියෙන් බලන්න පුළුවන්, ළමා නිවාසය ඇතුළේ සිදු වෙන දේ මොකක්ද කියලා. ඒ දරුවන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් විශේෂ කටයුතු ටිකක් කරන්න ලැහැස්ති කරලා තිබෙනවා. ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමනි, නඩු විභාග දිගින් දිගටම කරගෙන යන අතරේ එම ළමයින් 26දෙනා පිළිබඳව විශේෂ කටයුතු රැසක් කරගෙන යනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-10-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks