බලන්න

04

E   |     |  

 දිනය: 2023-03-10   පිළිතුර ලබා දී ඇත 

0864/2023: සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපකාර සකසුරුවම් සහ ණයදෙන සමිතිය: ලොතරැයියක් හඳුන්වා දීම

864/2023

ගරු රෝහණ බංඩාර මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා  අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම් සහ ණයදෙන සමිතියේ වර්තමාන පාලනාධිකාරිය විසින් ලොතරැයියක් හඳුන්වාදීමට උත්සාහ කරමින් සිටින බවත්;

  (ii) ඒ වෙනුවෙන්  එම සමිතියේ සාමාජිකයන්ගේ කැමැත්තකින් තොරව රුපියල් 100ක මුදලක් අයකර ගැනීමට උත්සාහ දරමින් සිටින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) සාමාජිකයන්ට ණය දීමට ඇති මුදල් ලොතරැයියක් සඳහා වෙන් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-03-10

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      2023.02.23වන දින සිට සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතියේ වත්මන් පාලනාධිකාරිය විසින් ලොතරැයියක් හඳුන්වා දීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ලබා දී නොමැත.

              (ii)      ඒ වෙනුවෙන් එම සමිතියේ සාමාජිකයන්ගේ කැමැත්තෙන් තොරව රුපියල් 100ක මුදලක් අයකර ගැනීමට උත්සාහ නොකරන බව එම සමිතිය විසින් දන්වා ඇත.

(ආ) උක්ත (අ) (i) සහ (ii) අනුව පැන නොනඟී.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-03-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks