පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
863/2023
ගරු රෝහණ බංඩාර මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2018 සිට මේ දක්වා සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපකාර සකසුරුවම් සහ ණයදෙන සමිතියෙන් ණය ලබා ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම අයදුම්කරුවන් අතරින් මේ දක්වා ණය ලබා දී ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව කොපමණද;
(iii) ඉහත (i) හි සඳහන් අයදුම්කරුවන් අතරින් මේ දක්වා ණය ලබා නොදුන් අයදුම්කරුවන්ට කඩිනමින් ණය ලබා දීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-08
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) 2018 වර්ෂයේ සිට 2022 නොවැම්බර් දක්වා අයදුම්පත් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 286,500කි.
(ii) 2018 වර්ෂයේ සිට 2022 නොවැම්බර් දක්වා ණය ලබා දී ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 250,727කි.
(iii) මේ දක්වා ණය ලබා නොදුන් අයදුම්කරුවන්ට කඩිනමින් ණය ලබා දීම සඳහා දැනට මාසිකව ලැබෙන අවකරණ මුදල් යොදාගෙන සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමුපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතිය විසින් ගෙවීම් කටයුතු කරනු ලබයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-03-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks