01

E   |     |  

 දිනය: 2023-05-26   පිළිතුර ලබා දී ඇත 

0851/2023: පළාත් සභා: ඉඩම් බලතල

851/2023

ගරු ගාමිණී වලේබොඩ මහතා,— සංචාරක හා ඉඩම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ඉඩම් බලතල පළාත් සභා වෙත  පැවරිය යුතු බවට වර්තමාන  රජයේ ප්‍රධානීන් ප්‍රකාශ කර ඇති බව දන්නේද;

             (ii)      මේ වනවිට මධ්‍යම ආණ්ඩුව සතු ඉඩම් බලතල, පළාත් සභා වෙත පැවරීම සඳහා සැලසුම් කර තිබේද;

(iii) එසේ නම්, එවැනි අවස්ථාවකදී, එක් පළාතක පදිංචිකරුවකුට වෙනත් පළාතක ඉඩමක් මිලදී ගැනීමේදී අනුගමනය කිරීමට සිදු වන නව නීති සහ රෙගුලාසි කවරේද;

(iv) එවැනි තත්ත්වයකදී සිය පළාත තුළ ඇති ඉඩම් විදේශිකයන්ට හෝ විදේශ සමාගම්වලට විකිණීමට හෝ බදු දීමට යම්කිසි පළාත් සභාවකට බලතල ලැබෙන්නේද;

(v) පළාත් සභාවකට සිය අභිමතය පරිදි එම බලතල සම්මත කර ගැනීමේ අයිතිය ලැබෙන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-26

අසන ලද්දේ

ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නොදනී.

              (ii)      නැත.

             (iii)      අදාළ නොවේ.

             (iv)      අදාළ නොවේ.

              (v)      අදාළ නොවේ.

(ආ)     අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2023-08-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks