01

E   |     |  

 දිනය: 2023-03-23   පිළිතුර ලබා දී ඇත 

0849/2023: Injustice faced by book writers due to distribution of Soft copies of the books

849/2023

ගරු ගාමිණී වලේබොඩ මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කතුවරුන්ගේ අවසරයකින් තොරව මුද්‍රිත ග්‍රන්ථ ලාභ ඉපයීමේ අරමුණින් පී.ඩී.එෆ් (pdf) බවට පරිවර්තනය කර බෙදා හැරීම හේතුවෙන් එම කතුවරුන් දැඩි අසාධාරණයකට ලක් වී ඇති බව දන්නේද;

(ii) මෙම තත්ත්වය මැඬපැවත්වීම සඳහා සහ අගතියට පත් ග්‍රන්ථ කතුවරුන්ට සාධාරණයක් ඉටුකර දීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මේ වනවිට මුද්‍රිත පිටපත් නොමැති ග්‍රන්ථ පී.ඩී.එෆ් (pdf) බවට පරිවර්තනය කර සංරක්ෂණය කිරීම වැදගත් බව පිළි‍ගන්නේද;

 

(ii) එසේ නම්, ඒ සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-23

අසන ලද්දේ

ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks