04

E   |     |  

 දිනය: 2023-03-09   පිළිතුර ලබා දී ඇත 

0848/2023: Detail of loss because of tax concession

848/2023

ගරු ගාමිණී වලේබොඩ මහතා,— මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2019 දෙසැම්බර් මාසයේදී එවකට මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව සිදු කරන ලද බදු ප්‍රතිසංස්කරණ හේතුවෙන් 2020 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය බදු ආදායමට රුපියල් බිලියන 600ක් පමණ වාර්ෂිකව අහිමි වූ බව දන්නේද;

(ii) එම බදු සංශෝධනය හේතුවෙන් රාජ්‍ය ආදායම අඩු වීමෙන් උද්ගත විය හැකි ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳව එම බදු සංශෝධන ඉදිරිපත් කරන ලද නිලධාරින් විසින් රජයට හෝ අමාත්‍ය මණ්ඩලයට විශේෂඥ වාර්තාවක් ඉදිරිපත් කර ති‍බුණේද;

(iii) ඉහත බදු සංශෝධන ක්‍රියාත්මක කිරීමෙන් වාර්ෂිකව රජයට අහිමි වේ යැයි ඇස්තමේන්තු කරන ලද බදු ආදායම එක් එක් බදු වර්ගය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම බදු සංශෝධන හේතුවෙන් රාජ්‍ය බදු ආදායම අඩු වීමෙන් රජයේ  ආදායමෙහි සිදු වන අඩුවීම පියවා ගන්නා ආකාරය එම බදු සංශෝධන යෝජනා ඉදිරිපත් කරන ලද නිලධාරින් විසින් රජයට ලබා දී තිබුණේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-09

අසන ලද්දේ

ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks