04

E   |     |  

 දිනය: 2023-03-07   පිළිතුර ලබා දී ඇත 

0847/2023: රසායනික පොහොර තහනම: ආර්ථිකයට සිදු වූ බලපෑම

847/2023

ගරු ගාමිණී වලේබොඩ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2021 වර්ෂයේදී පනවන ලද රසායනික පොහොර තහනම හේතුවෙන්               ශ්‍රී ලංකාවට සිදු වූ ආර්ථික බලපෑම ගණනය කර තිබේද;

             (ii)      එසේ නම්, වී, තේ, රබර්, කුරුඳු , පොල් සහ එළවළු ආදී එක් එක් භෝගයේ නිෂ්පාදනයේ සිදු වූ පහත වැටීම වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් ගොවීන් ගොවිතැන් කිරීමෙන් ඉවත් වී තිබේද;

 

 

(iv) එසේ නම්, එම ගොවීන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-07

අසන ලද්දේ

ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      නැත. ඇමුණුම 01** මඟින් විස්තර කර  ඇත.

              (ii)      2020 වසරට සාපේක්ෂව 2021 වසරේ තේ, පොල් සහ කුරුඳු නිෂ්පාදනයන්හි වර්ධනයක් වාර්තා වී ඇති අතර රබර් නිෂ්පාදනයෙහි පමණක් පහත වැටීමක් වාර්තා වී ඇත. විස්තර පහත දැක්වේ.

    භෝගය

වර්ෂය

    වෙනස %

 

           2020

           2021

 

තේ (මෙ.ටො.)

   278,852

 299,488

    7.40

පොල් (මෙ.ටො.)

       2,818

     3,383

   20.05

රබර් (මෙ.ටො.)

     78,204

   76,884

   (-1.69)

කුරුඳු (මෙ.ටො.)

     20,866

   22,872

    9.61

 

 

 

 

 

මූලාශ්‍රය - වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

 

2020/21 මහ කන්නයට සාපේක්ෂව 2021/22 මහ කන්නයේ වී නිෂ්පාදනය සියයට 37කින් ද, 2021 යල කන්නයට සාපේක්ෂව 2022 යල කන්නයේ වී නිෂ්පාදනය සියයට 23කින් ද පහත වැටී ඇත.

 

මූලාශ්‍රය - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

 

2021 වර්ෂයේ එළවලු නිෂ්පාදනය මෙ.ටො. 1,297,108කි. 2020 වර්ෂයේ එළවලු නිෂ්පාදනය මෙ.ටො. 1,324,087කි. ඒ අනුව, 2020 වර්ෂයට සාපේක්ෂව වාර්ෂික එළවලු නිෂ්පාදනය සියයට 2ක අඩුවීමක්  පෙන්නුම් කරයි.

කෙසේ වුවත්, 2021 වර්ෂයට පෙර අනුයාත වර්ෂ තුනක එළවලු නිෂ්පාදනයේ වාර්ෂික සාමාන්‍ය අගය හා සැසඳීමේ දී 2021 වර්ෂයේ සමස්ත එළවලු නිෂ්පාදනය සියයට 2කින් ඉහළ ගොස් ඇත.

 

ඇමුණුම 02** මඟින් දක්වා ඇත.

 

 

         මෙ.ටො.

2018 වර්ෂයේ සමස්ත එළවලු නිෂ්පාදනය

      1,328,040

2019 වර්ෂයේ සමස්ත එළවලු නිෂ්පාදනය

      1,164,062

2020 වර්ෂයේ සමස්ත එළවලු නිෂ්පාදනය

      1,324,807

2021 වර්ෂයේ සමස්ත එළවලු නිෂ්පාදනය

      1,297,108

2018, 2019, 2020 වසර තුනෙහි සමස්ත එළවලු නිෂ්පාදනයේ සාමාන්‍ය අගය

      1,272,303

මූලාශ්‍රය - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

 

(iii) වී ගොවිතැනෙන් ඉවත්වීමක් සිදු වී නොමැත. (ඇමුණුම 03** මඟින්  විස්තර දක්වා ඇත.)

මූලාශ්‍රය - ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

 

(iv) අදාළ නැත.

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-04-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks