04

E   |     |  

 දිනය: 2023-03-07   පිළිතුර ලබා දී ඇත 

0831/2023: අංක 746-ඉඳිරිලිගොඩ ග්‍රා.නි. වසමේ පාසල් මාර්ගය: කාපට් කිරීම

831/2023

ගරු ඉම්තියාස් බාකීර් මාකර් මහතා,— ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 746-ඉඳිරිලිගොඩ ග්‍රාම නිලධාරි වසමේ, පාසල් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ මූලික කාර්යය බස්නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ, කළුතර කාර්යාලය විසින් සිදු කරන ලද බවත්;

(ii) ඒ අනුව පළමු අදියර ලෙස ඉහත මාර්ගයේ කොන්ක්‍රීට් ගල් අතුරන ලද  බවත්;

(iii) මේ වනවිට එම කොන්ක්‍රීට් ගල්, වර්ෂා  ජලයට ගසාගෙන යාම හේතුවෙන් එම මාර්ගය අබලන් වී ගමනාගමනය සඳහා නුසුදුසු තත්ත්වයක පවතින බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගන්නේද;

(ii) එසේ නම්, එම කටයුතු ආරම්භ කරනු ලබන දිනය කවරේද;

(iii) ඉහත ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද මුදල කොපමණද;

(iv) ඉහත අ(iii) හි සඳහන් කරුණ හේතුවෙන් මුදල් අපතේ යාමක් සිදු වී තිබේ නම්, ඊට වගකිව යුතු පුද්ගලයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-03-07

අසන ලද්දේ

ගරු ඉම්තියාස් බාකීර් මාකාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

 

(අ)           (i)      මෙම මාර්ගය කි.මී. 100,000 ව්‍යාපෘතියට ඇතුළත් වී ඇත්තේ අල්හසනියා පාසල් මාර්ගය යන නමිනි. මාර්ගයේ දිග මීටර් 385ක් හා පළල මීටර් 3.8ක් වේ. මෙහි කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු සෘජු කම්කරු ශ්‍රමය යටතේ 2022 පෙබරවාරි මාසයේදී ආරම්භ කළ අතර, ABC ගල් අතුරා දියතාර ආලේප (ප්‍රයිම්) කර කාපට් ඇතිරීමට සූදානම් කර තිබුණි. නමුත්, අප්‍රේල් මාසයේ සිට කි.මී. 100,000 මාර්ග ව්‍යාපෘතියේ වැඩ තාවකාලිකව නතර කරන ලදී.

(ii) ABC ගල් අතුරා දියතාර අ‍ාලේප (ප්‍රයිම්) කර කාපට් ඇතිරීමට සූදානම් කර තිබුණි.

(iii) පසුගිය වර්ෂා කාල‍යේදී මීටර් 30ක පමණ කොටසක් සේදී යාමට ලක් වී තිබූ අතර, දැනට ගමනාගමනයට සුදුසු ලෙස මාර්ගය සකස් කර ඇත.

(ආ) (i) Chip sealing කිරීම සඳහා රු. 2,194,268.64ක ඇස්තමේන්තුවක් සකස් කර අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. අනුමැතිය ලැබුණු විගස මාර්ගයේ සංවර්ධන කටයුතු අවසන් කිරීමට බලාපෙ‍ාරොත්තු වේ.

(ii) ප්‍රතිපාදන වෙන් වූ විගස සංවර්ධන කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වේ.

(iii) මුදල් වෙන් කර නොමැත.

(iv) මූල්‍යමය ගැටලු හේතුවෙන් කාපට් අතුරා වැඩ අවසන් කිරීමට අපහසු වූ අතර, අධික වර්ෂාව හේතුවෙන් මෙම මාර්ගයේ මීටර් 30ක පමණ කුඩා ප්‍රමාණයක් සේදී ගොස් තිබුණි. නමුත්, දැනට ගමනාගමනයට සුදුසු ලෙස මාර්ගය සකස් කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-04-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks