04

E   |     |  

 දිනය: 2012-04-17   පිළිතුර ලබා දී ඇත 

2103/2012: O/L Examination - Candidates

2103/’11

 

ගරු රෝසි සේනානායක මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       වර්ෂ 2005 සිට 2010 දක්වා අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ පාසල් අයදුම්කරුවන්ගෙන්,

              (i)       එම විභාගයේ විෂයයන් 8ම සමත් සිසුන් සංඛ්‍යාව;

            (ii)       සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍ය අනුව එම විභාගය සමත් සිසුන් සංඛ්‍යාව;

  (iii)  ගණිතය, මව් භාෂාව, ඉංග්‍රීසි සහ විද්‍යාව යන විෂයයන් අසමත් වූ සංඛ්‍යාව;

කොපමණද යන්න එතුමා වාර්ෂිකව, දිස්ත්‍රික් පදනමින්, වෙන් වෙන් වශයෙන්   සඳහන් කරන්නෙහිද?

(ආ)  රජයේ පාසල්වල ගණිතය, මව් භාෂාව, ඉංග්‍රීසි සහ විද්‍යාව යන විෂයයන් ඉගැන්වීම සඳහා සිටින ගුරුවරු සංඛ්‍යාව දිස්ත්‍රික්ක මට්ටමින්, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  (i)  සිංහල මාධ්‍ය හැරුණු කොට ඉංග්‍රීසි මාධ්‍ය ද භාවිතාකරන ජාතික හා පළාත් සභා  පාසල් සංඛ්‍යාව කොපමණද;

           (ii)  එම පාසල්වල එක් එක් විෂය ඉගැන්වීමට සිටින ගුරුවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා සඳහන්   කරන්නෙහිද?

(ඈ)   නොඑසේ  නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2012-04-17

අසන ලද්දේ

ගරු ගරු රෝසි සේනානායක මහත්මිය, පා.ම., මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks