01

E   |     |  

 දිනය: 2023-04-04   පිළිතුර ලබා දී ඇත 

0687/2023: Government houses distributed in Vavunadivu Divisional Secretary area

687/2023

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මඩකලපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මානවල ජීවත් වන ජනතාව සඳහා 2018 වර්ෂයේදී නිවාස 44 ක් ලබා දුන් බවත්;

  (ii) එහෙත්, මේ දක්වා එම නිවාසවල වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත නිවාසවල වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් නොකිරීමට හේතු කවරේද;

(ii) එම නිවාසවල වැඩ කටයුතු අවසන් කිරීමට පියවර ගන්නේද;

(iii) එසේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?‍

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-04-04

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks