01

E   |     |  

 දිනය: 2023-03-07   පිළිතුර ලබා දී ඇත 

0684/2023: Divinding the Divisional Secretariat in Kalmunai Region

684/2023

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      අම්පාර දිස්ත්‍රික්කයේ, කල්මුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ගණකාධිකාරිවරයකු පත් කර තිබේද;

             (ii)      එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා ගණකාධිකාරිවරයකු පත් කිරීම ප්‍රමාද වීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු, කලවන්චිකුඩි සහ පෝරතිවුපත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනෙහි ජනගහනය අධික බැවින් එම එක් එක් කොට්ඨාසය කොටස් දෙකකට බෙදීම සඳහා මේ වනවිට පියවර ගෙන තිබේද;

(ii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

(iii) මේ සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2023-03-07

අසන ලද්දේ

ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks