පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
442/2023
ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර, වේරදූව බණ්ඩාරනායක විදුහලේ ක්‍රීඩාංගනය, ප්‍රදේශයේ ක්‍රීඩකයන් පුහුණුවීම් සඳහා භාවිතා කරන ලද බවත්;
(ii) එම භූමිය ව්‍යාපාර කටයුත්තක් සඳහා ලබා දීමට හිටපු ප්‍රාදේශීය ලේකම්වරිය විසින් කටයුතු කර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත භූමිය ලබා දීමේදී ටෙන්ඩර් කැඳවා තිබේද;
(ii) එසේ නම්, එම ටෙන්ඩර් කැඳවන ලද දිනය කවරේද;
(iii) ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද එක් එක් පුද්ගලයාගේ නම සහ ටෙන්ඩරයේ වටිනාකම වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ටෙන්ඩරය ලබා ගන්නා ලද පුද්ගලයාගේ/ආයතනයේ නම, ලිපිනය හා දුරකථන අංක වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) ඉහත ක්‍රීඩාංගනය, ක්‍රීඩා කටයුතු සඳහා ප්‍රදේශයේ ජනතාවට නැවත ලබා දීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-07
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks