04

E   |     |  

 දිනය: 2023-03-09   පිළිතුර ලබා දී ඇත 

0417/2023: Details of Dairy Industry

417/2023

ගරු ගයන්ත කරුණාතිලක මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය කරනු ලබන ප්‍රධාන දිස්ත්‍රික්ක කවරේද;

             (ii)       එම එක් එක් දිස්ත්‍රික්කයේ නිෂ්පාදනය කරනු ලබන දියර කිරි ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (iii)       මේ වනවිට ස්ථාපිත කර ඇති දියර කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව කොපමණද;

(iv) “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි දියර කිරි නිෂ්පාදන ගබඩා කිරීමේ ධාරිතාවය ඉහළ නැංවීම සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක කරනු ලබන කුඩා පරිමාණ කිරි ශීත කිරීමේ තාක්ෂණික ක්‍රමය මේ වනවිට හඳුන්වා දී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-09

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks