බලන්න

04

E   |     |  

 දිනය: 2023-03-22   පිළිතුර ලබා දී ඇත 

0380/2023: Details of schools in Kandy District

380/2023

ගරු නීතීඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහනුවර දිස්ත්‍රික්කයේ, ජාතික පාසල්, කණිෂ්ඨ පාසල් හා ප්‍රාථමික පාසල් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)       ඉහත සඳහන් එක් එක් පාසල් වර්ගයේ ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව  සහ සේවය කරනු ලබන ගුරුවරුන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ඉහත සඳහන් පාසල් අතරින් ගුරු අතිරික්තයක් පවතින සහ ගුරු හිඟයක් පවතින පාසල් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන තිබේද;

(iv) ගුරු හිඟයක් පවතින පාසල්වල ගුරු හිඟය මඟහරවා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-03-22

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)     

 කලාපය  

 ජාතික පාසල්  

පළාත් පාසල්

මුළු පාසල් සංඛ්‍යාව  

ප්‍රාථමික පාසල්

කනිෂ්ඨ පාසල්

මහා විද්‍යාල

මහනුවර දිස්ත්‍රික්කය

36

207

225

184

652

දෙනුවර

4

27

31

25

87

ගම්පොළ

6

49

55

33

143

නුවර

9

24

41

42

116

කටුගස්තොට

10

45

34

33

122

තෙල්දෙනිය

3

44

31

19

97

වත්තේගම

4

18

33

32

87

දත්ත පාදකය:  පාසල් සංගණනය 2021

(ii)

  කලාපය  

ජාතික පාසල් සිසුන් සංඛ්‍යාව  

පළාත් පාසල් සිසුන් සංඛ්‍යාව

මුළු පාසල් සිසුන් සංඛ්‍යාව  

ප්‍රාථමික පාසල්

කනිෂ්ඨ පාසල්

මහා විද්‍යාලය

මහනුවර දිස්ත්‍රික්කය

59,407

39,773

44,057

131,691

274,928

දෙනුවර

  4,097

  6,553

  4,775

  15,071

  30,496

ගම්පොළ

  9,597

  6,196

12,117

  24,925

  52,835

නුවර

24,284

  5,195

  5,981

  47,476

    82,936

කටුගස්තොට

13,087

11,199

  5,773

  13,660

   43,719

තෙල්දෙනිය

  3,966

  5,364

  8,147

    9,626

   27,103

වත්තේගම

  4,376

  5,266

  7,264

  20,933

  37,839

 

දත්ත පාදකය:  පාසල් සංගණනය 2021

 

කලාපය  

ජාතික පාසල් ගුරුවරු සංඛ්‍යාව  

පළාත් පාසල් ගුරුවරු සංඛ්‍යාව

මුළු පාසල් ගුරුවරු සංඛ්‍යාව  

ප්‍රාථමික පාසල්

කනිෂ්ඨ පාසල්

මහා විද්‍යාල

මහනුවර දිස්ත්‍රික්කය

3,315

2,113

3,926

  7,948

17,302

දෙනුවර

   319

   356

   578

     955

  2,208

ගම්පොළ

   558

   355

   922

  1,310

  3,145

නුවර

1,242

   282

   708

  2,771

     5,003

කටුගස්තොට

   735

   551

   587

  1,025

   2,898

තෙල්දෙනිය

   212

   329

   513

     579

   1,633

වත්තේගම

   249

   240

   618

  1,308

   2,415

 

                    දත්ත පාදකය:  පාසල් සංගණනය 2021

(පාසල්වල විදුහල්පති සංඛ්‍යාව ද මෙම ගුරුවරු සංඛ්‍යාවට ඇතුළත් වේ.)

(iii) ජාතික පාසල්වල ගුරු අතිරික්ත හා ගුරු හිඟ ගණනය කිරීම, පාසලක සිටිය යුතු අධ්‍යයන කාර්ය මණ්ඩලය නිර්ණය කිරීමේ 01/2016 චක්‍රලේඛය අනුව සිදු කර ඇති අතර, පාසලක සිටිය යුතු අධ්‍යයන කාර්ය මණ්ඩලය නිර්ණය කිරීමේ නව චක්‍රලේඛය, චක්‍රලේඛ අංක 06/2021 අනුව එක් එක් පාසල සඳහා සිටිය යුතු අධ්‍යයන කාර්ය මණ්ඩලය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර එවීමෙන් පසු, 06/2021 චක්‍රලේඛය අනුව ජාතික පාසල් ගුරු අතිරික්ත හා ගුරු හිඟ ගණනය කළ හැකි වේ.

 

පළාත් පාසල්වල ගුරු අතිරික්ත හා ගුරු හිඟ ගණනය කිරීම, දැනට එක් එක් පළාත සඳහා අනුමත ගුරු කාර්ය මණ්ඩල සංඛ්‍යා මත පදනම්ව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් සිදු කර ඇති අතර, පාසලක සිටිය යුතු අධ්‍යයන කාර්ය මණ්ඩලය නිර්ණය කිරීමේ නව චක්‍රලේඛය, චක්‍රලේඛ අංක 06/2021 අනුව එක් එක් පාසල සඳහා සිටිය යුතු අධ්‍යයන කාර්ය මණ්ඩලය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර එවීමෙන් පසු, 06/2021 චක්‍රලේඛය අනුව පළාත් පාසල් ගුරු අතිරික්ත හා ගුරු හිඟ ගණනය කළ හැකි වේ.

 

(iv) දැනට වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව, 7,500ක් පමණ වන්නා වූ විද්‍යා පීඨ ගුරුවරුන් ස්ථානගත කරන්න ඉදිරියේදී හැකියාව ලැබේවි. මේ වන විට විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිඵල ජාතික අධ්‍යාපන ආයතනයට යවා තිබෙනවා. එහි සමීක්ෂණයෙන් පසුව මාර්තු මස 31වන දා වනකොට අවසාන ප්‍රතිඵල නිකුත් වෙනවා. ඒ අනුව ජාතික පාසල් සහ පළාත් පාසල් සඳහා ඒ ඒ දිස්ත්‍රික්ක සහ පළාත් අනුව පත්වීම් ලබා දීම සිදු කරනවා. පළාත්වලට අපි යොමු කරනවා, පළාත් පාසල්වල ගුරු හිඟය අවම කිරීම සඳහා විද්‍යා පීඨ පත්වීම් ලබා දෙන්න. ජාතික පාසල්වලට යොමු කරන ගුරුවරුන්ට අමාත්‍යාංශය මඟින් පත්වීම් ලබා දෙන්න සැලසුම් කරනවා. බොහෝ දුරට අප්‍රේල් මාසය අවසන් වීමට මත්තෙන් විද්‍යා පීඨ ගුරුවරු 7,500 ස්ථානගත කරන්න හැකියාව ලැබේවි. මෙම බඳවා ගැනීමට අදාළ විෂයයන් හා ඩිප්ලෝමාධාරින් සංඛ්‍යාව ඇමුණුම මඟින් දක්වා තිබෙනවා. මා එම ඇමුණුම සභාගත* කරනවා.

 

ඊට අතිරේකව, උපාධිධාරින් 26,000ක් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා, මේ වන විට ප්‍රවේශ පත්‍ර යවා තිබෙනවා.

 

විභාගය මේ ‍25වැනි සෙනසුරාදා දිවයිනේ මධ්‍යස්ථාන 141කදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එම විභාගයට උපාධිධාරින් 53,000ක් පෙනී සිටිනවා. එසේ පෙනී සිටීමෙන් පසුව සති දෙකක් තුළ උත්තර පත්‍ර සමීක්ෂණයට අපි සැලසුම් කරලා තිබෙනවා. ඊට පසුව අපි එම ප්‍රතිඵල පළාත්වලට භාර දෙනවා, ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයෙන් පසුව ඒ සියලුම ගුරුවරුන්ට පළාත් පදනමින් පත්වීම් ලබා දෙන්නට. මේ ක්‍රම දෙක තුළින් ‍මැයි මාසයේ මැද වන විට මේ කාණ්ඩ දෙකෙන්ම ගුරුවරුන් 33,000කට පමණ පත්වීම් දීලා අවසන් කරන්න පුළුවන්. මීට අමතරව අපි සමීක්ෂණයක් කරගෙන යනවා, විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, තාක්ෂණය ඇතුළු උසස් පෙළ විෂයයන් සඳහා ගුරුවරු පිරවීමේ කටයුතු සිදු කරන්න. ඉන් පසුවත් තව කොපමණ ගුරුවරු ප්‍රමාණයක් අඩුද කියලා ගණනය කරලා, ඒ සඳහා ළඟදී විශ්වවිද්‍යාලවලින් පිටවුණු උපාධිධාරින් පළාත් මඟින් වෙනම බඳවා ගන්න කටයුතු කරනවා. ඒ පිළිබඳවත් අවශ්‍ය කටයුතු කර ගෙන යනවා. අපි ගුරු හිඟය තුලනය කරන්නේ මේ ආකාරයටයි.      

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-03-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks