බලන්න

04

E   |     |  

 දිනය: 2023-03-09   පිළිතුර ලබා දී ඇත 

0379/2023: Environment effect from pine & turpentine trees

379/2023

ගරු නීතීඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහනුවර දිස්ත්‍රික්කයේ වගා කර ඇති ෆයිනස් සහ ටර්පන්ටයින් ශාක හේතුවෙන් සිදු වන පාරිසරික විනාශය ගණනය කර තිබේද;

             (ii)       එම ශාක ඉවත් කිරීමට අදාළ වැඩසටහනේ මේ වනවිට ප්‍රගතිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ෆයිනස් සහ ටර්පන්ටයින් ශාක වගා කර ඇති රජ‍යේ ඉඩම් ප්‍රමාණය කොපමණද;

(ii) එම ඉඩම්, පිහිටා ඇති ප්‍රදේශ කවරේද;

(iii) රජයේ ඉඩම්වල වගා කර ඇති ෆයිනස් සහ ටර්පන්ටයින් ශාක ඉවත් කර එම ඉඩම් වගාකිරීම සඳහා තරුණ වගාකරුවන්ට ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කර තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-03-09

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks