පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
378/2023
ගරු නීතීඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති රජයේ පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පාසල්වල ඉගෙනුම ලබන සිසුන් සංඛ්‍යාව කොපමණද;
(iii) ශ්‍රී ලංකාවේ පාසල්, වර්ගීකරණය කර ඇති පදනම කවරේද;
(iv) ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ විෂමතාවයක් පවතින බව පිළිගන්නේද;
(v) එම විෂමතාවය ඉවත් කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) 2021 වර්ෂයේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසුන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම සංඛ්‍යාව, විභාගයට පෙනී සිටි මුළු සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;
(iii) විභාගය සමත් වී ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වූ සිසුන් සංඛ්‍යාව කොපමණද;
(iv) එම සංඛ්‍යාව, විභාගයට පෙනී සිටි මුළු සිසුන් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-07
අසන ලද්දේ
ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks