02

E   |     |  

 දිනය: 2012-02-22   පිළිතුර ලබා දී ඇත 

2059/2012: Janatha Pola, Nugegoda - Removed Traders

2059/’11

 

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      නුගේගොඩ පැරණි ජනතා පොළ කඩා බිඳ දැමූ අවස්ථාවේදී එහි වෙළෙඳුන් ඉවත්කිරීම සඳහා සහ ඉන් අනතුරුව 2011 ඔක්තෝබර් මස පළමුවැනි සතියේදී අලුතින් සංවර්ධනය කරන ලද ජනතා පොළේ වෙළඳසැල් ලබාදීම පිණිස වෙළෙඳුන් තෝරා ගැනීම සඳහා අනුගමනය කරන ලද සම්පූර්ණ ක්‍රියා පටිපාටිය කවරේද;

(ii) වෙළෙඳුන් ඉවත් කිරීමට සහ වෙළඳසැල් වෙන්කර දීමට අදාළ එක් එක් ක්‍රියාකාරකම වෙනුවෙන් වගකීම දැරූ පුද්ගලයන්ගේ නම් කවරේද;

(iii) වෙළෙඳුන් ඉවත් කිරීම සහ වෙළඳසැල් වෙන්කර දීම සඳහා එක් එක් ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කළ දිනයන් කවරේද;

(iv) (අ) (i) හි සඳහන් පරිදි ඉවත් කරන ලද වෙළෙඳුන්ගේ සංඛ්‍යාව, නම් සහ ලිපිනයන් සහ වෙළඳසැල් ලබාදෙන ලද වෙළෙඳුන්ගේ එම තොරතුරු වෙළඳසැල්වල ප්‍රමාණය, ඉදිකරන ලද වෙළඳසැල් හා ඉදිකිරීම්වලින් තොරව බිම්කඩ සලකුණු කිරීමෙන් ලබාදුන් වෙළඳාම් කිරීමේ ස්ථාන අනුව කවරේද;

යන්න එතුමා වෙන් වෙන් වශයෙන් සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉවත් කරන ලද හා නැවත වෙළඳසැල් ලබාදෙන ලද වෙළෙඳුන්ගේ ලැයිස්තු දෙක අතර යම් විෂමතාවක් පවතින්නේද;

(ii) එසේ නම්, එම විෂමතාව ඉවත් කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-02-22

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks