02

E   |     |  

 දිනය: 2012-02-21   පිළිතුර ලබා දී ඇත 

2058/2012: Employees Provident Fund - Fund Management Activity

2058/’11

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකරණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සිදු කෙරෙන බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)      මුදල් මණ්ඩලයේ අනුමතිය ඇතිව, ආයෝජන ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව ආයෝජන කමිටුවේ මෙහෙයවීම අනුව සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකරණය සිදු කරන්නේද;

(ii) සේවක අර්ථසාධක අරමුදලේ, අරමුදල් කළමනාකරණ අංශය විසින් ඉදිරිපත් කෙරෙන ආයෝජන ‍යෝජනා ඇගැයීම සඳහා ආයෝජන කමිටුව නියමිත පරිදි, අඛණ්ඩව රැස්වන්නේද;

(iii) සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ප්‍රතිපත්තියට අනුකූලව ආයෝජන තීරණ ගනු ලබන්නේද;

(iv) පසුගිය වර්ෂ දෙක සඳහා ආයෝජන කමිටු රැස්වීම්වල කාර්ය සටහන් සභාගත කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) පසුගිය වර්ෂ දෙකක කාලය තුළදී, ආයෝජන කමිටුවේ,

(i) සියලුම සාමාජිකයන්ගේ නම් සහ පත්වීම් දිනයන් කවරේද;  

(ii) රැස්වීම් පවත්වන ලද දින හා සහභාගී වූ සාමාජිකයන්ගේ නම් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද? 

 

අසන ලද දිනය

2012-02-21

අසන ලද්දේ

ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල් හා ක්‍රමසම්පාදන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks