01

E   |     |  

 දිනය: 2012-03-23   පිළිතුර ලබා දී ඇත 

2056/2012: Vice Chancellor - University of Vocational Technology

2056/’11

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පත් කරනු ලබන්නේ 2008 අංක 31 දරන පනතෙහි දක්වා ඇති විධිවිධානයන් යටතේ බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උප කුලපති තනතුරෙහි වර්තමාන තත්ත්වය කවරේද;

(ii) වර්තමාන උපකුලපතිවරයාට 2010 ජනවාරි මාසයෙන් පසු අක්‍රමවත් ලෙස තවදුරටත් එම තනතුරේ රැඳී සිටීමට අවසර දීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයාගේ නම කවරේද;

(iii) වර්තමාන උපකුලපතිවරයා ප්‍රධානත්වය දරන විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලයේදී සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයේදී ගනු ලබන තීරණ සම්බන්ධයෙන් වගකීම භාරගන්නා පුද්ගලයාගේ නම කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-03-23

අසන ලද්දේ

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks