පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2055/’11
ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් “කලුගඟ ද්‍රෝණිය තුළ ජල සම්පත් සංවර්ධනය පිළිබඳව අධ්‍යයනය කිරීම හා ගං ජලය නිසා රත්නපුර හා කලුතර දිස්ත්‍රික්කවල සිදුවන ගංවතුර තත්ත්වය අවම කිරීමට විසඳුම් සෙවීම” යන හිසින් අදාළ දිස්ත්‍රික්ක ලේකම්වරුන් වෙත ලිපියක් යවා ඇති බවත්;
(ii) එම ලිපිය මගින් දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන කමිටුවලදී අදාළ දේශපාලන අධිකාරිය සහ රේඛීය ආයතන දැනුවත් කරන ලෙස ඉල්ලා ඇති බවත්;
(iii) මෙම වැඩපිළිවෙළ යටතේ මල්වල හා අවට ප්‍රදේශයන්හි අදාළ මිනුම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත්;
(iv) මෙම කටයුතු පිළිබඳව ප්‍රදේශයේ ජනතාව නිසියාකාරව දැනුවත් නොකිරීම නිසා ඔවුන් තුළ නොසන්සුන්කාරී තත්ත්වයක් ජනිතවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) ඉහත ලිපිය නිකුත් කළ දිනට පසු රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වාර දෙකක් කැඳවා ඇතත් මෙම කරුණු න්‍යාය පත්‍රයට හෝ ඇතුළත් නොවීමට හේතු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-03-23
අසන ලද්දේ
ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks