බලන්න

04

E   |     |  

 දිනය: 2012-05-25   පිළිතුර ලබා දී ඇත 

2036/2012: OFFICERS OF SRI LANKA CRICKET : EXPENDITURE ON FOREIGN TOURS

2036/’11

ගරු දයාසිරි ජයසේකර මහතා,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන් විදේශගතවීම වෙනුවෙන් 2008 වර්ෂයේ සිට මේ දක්වා එම ආයතනය විසින් වාර්ෂිකව වියදම් කර ඇති මුදල;

             (ii)       ඉහත එක් එක් වර්ෂ‍යේදී, නිලධාරීන් විදේශගත වූ එක් එක් අවස්ථාවේදී වියදම් කළ  මුදල;

(iii) එම එක් එක් අවස්ථාවේදී නිලධාරීන් විදේශගත වී සිටි දින ගණන;

වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) නිලධාරීන්ගේ ඉහත සඳහන්  විදේශගතවීම් හේතුවෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අත් වූ යහපත් හෝ අයහපත් ප‍්‍රතිඵල කවරේද;

(ii) විදේශගත වූ  නිලධාරීන්ගේ ගමන් වියදම්, නවාතැන් ගත් ස්ථාන සඳහා කළ වියදම් සහ අනෙකුත් වියදම් එක් එක් නිලධාරියාට අනුව, වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එකී නිලධාරීන්ගේ සංචාර විස්තර සටහන් පත් ඉදිරිපත් කරන්නේද;

(iv) එකී නිලධාරීන්ගේ මාසික වැටුප් සහ වෙනත් දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-05-25

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා

(மாண்புமிகு  மஹிந்தானந்த அலுத்கமகே)

(The Hon. Mahindananda Aluthgamage)

ගරු මන්ත්‍රීතුමනි, මම ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තර දෙනවා.

(අ)          (i)      ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් 2008 වසර සිට 2012 ජුනි මාසය දක්වා විදේශගත වීම් වෙනුවෙන් වියදම් කර ඇති මුදල

200රුපියල්     4,623,230.30

2009 රුපියල්      14,954,844.00

2010 රුපියල්    8,310,662.60

2011 රුපියල්    3,892,963.80

2012 රුපියල්       550,423.00

(ii) එක් එක් වර්ෂවලදී නිලධාරින් විදේශගත වූ අවස්ථාවේදී වියදම් කළ මුදල ඇමුණුම් අ (i), අ (ii), අ (iii), අ (iv), අ (v) වශයෙන් ඉදිරිපත් කර ඇත.

(iii) එක් එක් වර්ෂවලදී නිලධාරින් විදේශගත වී සිටි දින ගණන ඇමුණුම් අ (i), අ (ii), අ (iii), අ (iv), අ (v) වශයෙන් ඉදිරිපත් කර ඇත. ඇමුණුම් සභාගත* කරමි.

 (ආ) (i) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ගේ සියලුම විදේශගත වීම් රාජකාරි මට්ටමෙන් සිදු වී ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ආසියානු ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය හෝ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ විදේශ ආයතන මඟින් කරන ලද ආරාධනාවක් හෝ අවශ්‍යම කරුණක් මත සිදු කර ඇත. මේ අනුව වැඩි ආදායම් ලැබීම, ලාභදායක සංචාර, විධිමත් පුහුණුව හා ආයතන ප්‍රතිරූපය ඉහළ තලයකට ගෙන ඒම සිදු වී ඇත.

(ii) ඇමුණුම් (අ) (i), (අ) (ii), (අ) (iii), (අ) (iv), (අ) (v) වශයෙන් ඉදිරිපත් කර ඇත.

(iii) මෙහිදී විධායක කමිටුවේ හෝ අන්තර් පාලක කමිටුවේ නිලධාරියෙකු විසින් ඍජුවම අදාළ කමිටුවට සංචාරය පිළිබඳ ප්‍රගති වාර්තාව ඉදිරිපත් කිරීම හෝ වාචිකව දැනුම් දීමක් සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් රාජකාරි මට්ටමෙන් විදේශගත වූ විට එම වාර්තාව ප්‍රධාන විධායක නිලධාරියෙකුට නිසි පරිදි භාර දීමට කටයුතු කරනු ලැබේ.

 (iv)       ගරු සේවයක් සිදු කරන විධායක කමිටුවේ හෝ අන්තර් පාලක කමිටුවේ සාමාජිකයන්ට මෙය අදාළ නොවේ. ආයතනික සේවකයන්ගේ මාසික වැටුප් සම්බන්ධ තොරතුරු පහත පරිදි වේ.

සේවකයාගේ නම වැටුප් රුපියල්

රවීන්ද්‍ර පුෂ්පකුමාර    80,000.00

අනුෂ සමරනායක 2,60,000.00

ජේ.සී. ගමගේ 1,25,000.00

ඈෂ්ලි ද සිල්වා 2,74,312.50

හේෂාන් ද මැල්    80,000.00

ජෙරම් ජයරත්න 3,50,000.00

ප්‍රභාත් නිශ්ශංක 1,60,000.00

රොමේෂ් කළුවිතාරණ 3,02,500.00

පියල් විජේතුංග 2,60,000.00

නවීඩ් නවාෂ් 2,74,500.00

වැනීසා ද සිල්වා    60,000.00

දුලීප් සමරසේකර    80,000.00

අජිත් ජයසේකර      2,50,000.00

චන්ද්‍රමාලි කෝරලේ      2,10,000.00

අනුරුද්ධ පොලොන්ඕවිට     92,138.00

ප්‍රසන්න ජිනරත්න      1,50,000.00

අසිත විජේසිංහ         50,000.00

කාර්ල්ටන් බර්නාඩ්ස්       1,50,000.00

ඉවත් වූ සේවකයන්

ලෝරන්ස් ප්‍රනාන්දු 1,00,000.00

අනුර තෙන්නකෝන් 1,70,000.00

(ඇ) පැන නොනඟී.

 

*සභාමේසය මත තබන ලද ඇමුණුම්:

   சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்புகள் :

   Annexes tabled:

 

 

පිළිතුරු දුන් දිනය

2013-03-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks