01

E   |     |  

 දිනය: 2023-03-22   පිළිතුර ලබා දී ඇත 

0003/2023: මහ බැංකු බැඳුම්කර වංචාව: විස්තර

3/2023

ගරු චමින්ද විජේසිරි මහතා,— මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කරන ලද කාල සීමාව කවරේද;

            (ii)       එකී කාල සීමාව තුළදී ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවක් සිදු වූ බව පිළිගන්නේද;

(iii) එම බැඳුම්කර වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් මහතා සෘජුවම සම්බන්ධ බවට ඒ සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් ‍චෝදනා කරන ලද බව දන්නේද;

(iv) අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති තනතුරට පත්කිරීම සඳහා නිර්දේශ කරන ලද හා එම පත්කිරීම අනුමත කරන ලද දේශපාලන අධිකාරියේ පුද්ගලයන්ගේ නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-22

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2015.01.23 දින සිට 2016.06.30 දක්වා.

              (ii)      "2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමසීම, විමර්ශනය කිරීම සහ වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති විමර්ශන ‍කොමිෂන් සභාවේ වාර්තාව" සහ "2015 පෙබරවාරි 1 සිට 2016 මාර්තු 31 දක්වා කාලය තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සහ භාණ්ඩාගාරයට මුදල් ප්‍රේෂණය කිරීම (4 වන වෝහාරික විගණනය)" පිළිබඳ ස්වාධීන ජාත්‍යන්තර වෝහාරික විගණන ආයතනයක් විසින් සිදු කළ වෝහාරික විගණන වාර්තාවල නිරීක්ෂණ සහ සොයා ගැනීම් අනුව 2015 වර්ෂයේදී භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් අක්‍රමිකතා කිහිපයක් සිදු වී ඇත.

(iii) 2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 යන කාලපරිච්ඡේදය සඳහා වූ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධ විමර්ශන, පරීක්ෂණ සහ වාර්තා කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් 2015 පෙබරවාරි 01 සිට 2016 මාර්තු 31 යන කාලය තුළදී සිදු කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්හි විමර්ශන සිදු කරන ලදී. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් සිදුකළ නිර්දේශයන්ට අනුකූලව, නීතිපතිතුමා විසින් නඩු කිහිපයක් ගොනු කර ඇත.

(iv) මුදල් නීති පනතේ (323 පරිච්ඡේදය) 13(2) වගන්තිය සමඟ කියවා ඇති 12 වැනි වගන්තියේ විධිවිධාන අනුව මුදල් විෂය භාර ඇමතිවරයාගේ නිර්දේශය මත ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා විසින් 2015.01.23 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා පත් කරන ලදී.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2023-06-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks