බලන්න

02

E   |     |  

 දිනය: 2012-02-10   පිළිතුර ලබා දී ඇත 

2001/2012: New Building of Pradeshiya Sabha - Stalls of Building

2001/’11

 

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      බුත්තල නගරයේ ඉදිකර ඇති නව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ පිහිටි වෙළඳ කුටි 17න් ධීවර සංස්ථාවට වෙන්කළ අංක 11 දරන වෙළද කුටිය හැරුණු කොට, අංක 4 සිට 17 දක්වා වෙළඳ කුටි සියල්ලම ටෙන්ඩර් කැඳවා එක් වෙළඳ කුටියක් රුපියල් ලක්ෂ 20ක පමණ මුදලකට ලබාදුන් බවත්;

(ii) අංක 1, 2 සහ 3 යන වෙළද කුටි සභාවේ අනාගත අවශ්‍යතාවයන් සඳහා යෙදවීම පිණිස ටෙන්ඩර් මගින් ලබා නොදීමට මාසික සභා රැස්වීමේදී තීරණයකට එළැඹි බවත්;

(iii) පසුව එම වෙළඳකුටි තුන වෙනුවෙන් තම හිතවතුන් ඉදිරිපත් කළ එක් වෙළඳ සැලකට රුපියල් ලක්ෂ 10ක් වැනි අවම වටිනාකමින් යුත් ටෙන්ඩර්පත් පිළිගෙන ඇති බවත්;

(iv) විනිවිදබවින් තොරව සිදුකරන ලද ඉහත ටෙන්ඩර් කැඳවීම තුළින් එම ප්‍රා‍දේශීය සභාවට ලැබිය යුතු විශාල ආදායමක් අහිමිවී ඇති බවත්;

(v) එම අයථා ටෙන්ඩර් කැඳවීම තුළින් විශාල මූල්‍ය වංචාවක් සිදුවී ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ඉහත ටෙන්ඩර් කැඳවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට  කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-02-10

අසන ලද්දේ

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් පාලන හා පළාත් සභා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks