පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1978/’11
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොනරාගල දිස්ත්‍රික්කයේ, බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ගල්ටැම්මණ්ඩිය ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ඩී. එම්. පියදාස, ඩී. එම්. ගුණදාස, ආර්. එම්. අමරදාස, ටී. ඒ. සරත්, එම්. පී. ගුණපාල, ඩී. එම්. රත්නසිරි, ඩී. එම්. සරත්, ජේ. එම්. ප්‍රේමලතා සහ එච්. එම්. ගුණසේකර යන අය සමෘද්ධි සහන ලැබූ අඩු ආදායම්ලාභීන් බවත්;
(ii) මේ වනවිට ඔවුන්ගේ සමෘද්ධි සහනාධාරය කපා හැර ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) සමෘද්ධි සහනාධාරය අහිමි වීම නිසා ඉතා අසරණභාවයට පත්ව සිටින මෙම පිරිසට නැවත සමෘද්ධි සහනාධාරය ලබාදීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-02-09
අසන ලද්දේ
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks