04

E   |     |  

 දිනය: 2013-03-20   පිළිතුර ලබා දී ඇත 

1971/2013: පස්ගොඩ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය : ප්‍රතිසංස්කරණය

1971/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       මාතර දිස්ත්‍රික්කයේ, දෙනියාය අධ්‍යාපන කලාපයට අයත්, පස්ගොඩ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය පවත්වාගෙන යනු ලබන ගොඩනැගිල්ල දැඩි සේ අබලන් වී ඇති බවත්;

  (ii)  එම ගොඩනැගිල්ල මාර/ඌරුබොක්ක ජාතික පාසල් භූමියෙහි ම පිහිටා ඇති බැවින්, එම විද්‍යාලයේ ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගේ මෙන්ම එහි සේවකයින්ගේ ජීවිතවලටද දැඩි තර්ජනයක් බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ)   (i)  එසේ නම්, මෙම ගොඩනැගිල්ල  කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද;

  (ii)  ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-20

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)         මෙකී ගොඩනැඟිල්ල දැඩි ලෙස අබලන් වී නොමැති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් විසින් වාර්තා කර ඇත.

     (ii)              දැඩි තර්ජනයක් නොමැති බවත් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වාර්තා කර ඇත.

                        කොට්ඨාස කාර්යාලයේ එක් පැත්තක වහලය අබලන් වී ඇති අතර, අනෙක් පසට වන්නට ප්‍රාථමික අංශයේ දෙමහල් ගොඩනැඟිලි දෙකක් පිහිටා ඇති බවත්, එහි සිටින සිසුන් මෙම ප්‍රදේශයට යාම තාවකාලිකව අහුරා ඇති බවත්, ඒ බැව් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත දන්වා ඇති බවත් දකුණු පළාත් අධ්‍යාපන ලේකම් විසින් දන්වා  එවා ඇත.

(ආ) (i) 2013.12.31වන විට මේ අබලන් වූ ගොඩනැඟිල්ලේ වැඩ නිම කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්  දන්වා ඇත.

     (ii) ඔව්. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1.7ක් වෙන් කර ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-01-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks