01

E   |     |  

 දිනය: 2013-03-19   පිළිතුර ලබා දී ඇත 

1968/2013: CONSTRUCTION OF BRIDGE OVER KIRINDIGANGA : DETAILS

1968/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මොනරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,  මල්වත්තාවෙල විදුහල් මාවතට නුදුරුව, කිරිඳිගඟ හරහා ගම්මාන කිහිපයක් සම්බන්ධ කරමින් පාලමක් ඉදිකිරීම සඳහා මැනුම් කටයුතු සිදුකර, ඇස්තමේන්තු සැකසුවත් මේ වන තෙක් පාලම ඉදිකර නොමැති බවත්;

(ii) එම ස්ථානයේ පාලමක් නොමැතිවීමෙන් ගම්මාන කිහිපයක ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණපාන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන්  පාලම ඉදිකිරීම සඳහා සැලසුම් සකස් කර තිබේද;

(ii) ඒ සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;

(iii) එසේ නම්, එම මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-19

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නිර්මල කොතලාවල මහතා (වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා)

(மாண்புமிகு நிர்மல கொத்தலாவல - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் அமைச்சர்)

(The Hon. Nirmala Kotalawala - Minister of Ports and Highways)

ගරු කථානායකතුමනි, ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.  

(අ)          (i)       මෙම ස්ථානයට පාලමක් අවශ්‍ය නොවේ.

              (ii)      මෙම ස්ථානයට මීටර 500ක් දුරින් පාලමක් පිහිටා ඇත.

(ආ)         (i)       අදාළ නොවේ.

     (ii) අදාළ නොවේ.

     (iii) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-03-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු නිර්මල කොතලාවල මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks