04

E   |     |  

 දිනය: 2013-03-06   පිළිතුර ලබා දී ඇත 

1966/2013: වසා ඇති කුඩාපාන කණිෂ්ඨ විද්‍යාලය : ගොඩනැඟිලි

1966/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මාතර දිස්ත්‍රික්කයේ, මුලටියන කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය මගින් පාලනය වූ මාර/කුඩාපාන කණිෂ්ඨ විද්‍යාලය මීට වර්ෂ  දහයකට පමණ පෙර සිට වසා දමා ඇති බවත්;

   (ii)  මේ වන විට පාසල සතු ගොඩනැගිලි විනාශ වෙමින් පවතින බවත්;

  (iii)  පාසල සතු භූමියද විවිධ පුද්ගලයන් විසින් අත්පත් කරගැනීමට උත්සාහ දරන  බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)  (i)  මාර/කුඩාපාන කණිෂ්ඨ විද්‍යාලය සතු භූමිය හා එම ගොඩනැගිලි වෙනත් ඵලදායී ආර්ථික කටයුත්තක් සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේද;

  (ii)  එසේ නම්, එම පාසල යොදා ගැනීමට අපේක්ෂිත කටයුත්ත කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?    

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු බන්දුල ගුණවර්ධන මහතා (අධ්‍යාපන අමාත්‍යතුමා)

(மாண்புமிகு பந்துல குணவர்தன - கல்வி  அமைச்சர்)

(The Hon. Bandula Gunawardane - Minister of Education)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      මීට වසර දහයකට පෙර වුවමනාවෙන් වසා දැමීමක් කර නැති බවත් ශිෂ්‍ය සංඛ්‍යාව නොමැති වීම නිසා එකී පාසල වැසී ගිය බවත් එම අධ්‍යාපන කාර්යාලය විසින් දන්වා එවා තිබෙනවා.

   කුඩාපාන කනිෂ්ඨ විද්‍යාලය නමින් වසර දහයකට පෙර පාසලක් පැවතී නොමැති අතර 271-B කුඩාපාන ග්‍රාම නිලධාරි වසම තුළ මාර/ගොම්බද්දල නැ‍ඟෙනහිර කනිෂ්ඨ විද්‍යාලය නමින් පාසලක් තිබී එය 2003.01.01 දින සිට සිසුන් නොමැතිකමින් වැසී ඇත.

(ii) එම පාසලට අයත් ගොඩනැඟිලි හා අනෙකුත් දේපළ 2010.03.12 දින මුලටියන ප්‍රාදේශීය ලේකම් වෙත බාර දී ඇත.

(iii) අදාළ නොවේ.  ප්‍රාදේශීය ලේකම් ඒ පිළිබඳව වග කීම දැරිය යුතුයි.

(ආ)         (i)       අදාළ නොවේ.

              (ii)      අදාළ නොවේ.

(ඇ)     අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-03-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks