පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1964/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී පුරප්පාඩු විශාල සංඛ්‍යාවක් පවතින බවත්;
(ii) ඉහත පරිදි ග්‍රාම නිලධාරී පුරප්පාඩු පැවතීම පරිපාලන කටයුතු කරගෙන යාමට විශාල බාධාවක් බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) මේ වනවිට, එම දිස්ත්‍රික්කයේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවතින ග්‍රාම නිලධාරී පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම පුරප්පාඩු කඩිනමින් පිරවීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-03-05
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා (රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා)
(மாண்புமிகு டபிள்யு.டி.ஜே. செனெவிரத்ன - பொது நிருவாக, உள்நாட்டலுவல்கள் அமைச்சர்)
(The Hon. W.D.J. Senewiratne - Minister of Public Administration and Home Affairs)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) 2012.12.31 දිනට මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි පුරප්පාඩු 186ක් පවතී.
(ii) නැත. පුරප්පාඩු පවතින වසම් සඳහා වැඩ බැලීමට මේ වන විටත් ග්‍රාම නිලධාරින් පත් කර ඇති අතර, එම නිලධාරින් විසින් ඒ ඒ වසම්වල රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි ඉටු කරනු ලබයි.
(ආ) (i)
|
|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
අනුමත ග්‍රාම නිලධාරි තනතුරු සංඛ්‍යාව |
2012.12.31 දිනට පුරප්පාඩු සංඛ්‍යාව |
|
1 |
මාතර |
66 |
13 |
|
2 |
මුලටියන |
48 |
13 |
|
3 |
හක්මන |
34 |
12 |
|
4 |
අතුරලිය |
28 |
6 |
|
5 |
කඹුරුපිටිය |
39 |
12 |
|
6 |
පිටබැද්දර |
40 |
18 |
|
7 |
තිහගොඩ |
40 |
11 |
|
8 |
කොටපොල |
37 |
4 |
|
9 |
වැලිපිටිය |
38 |
10 |
|
10 |
දෙවිනුවර |
41 |
15 |
|
11 |
දික්වැල්ල |
48 |
14 |
|
12 |
කිරින්ද පුහුල්වැල්ල |
25 |
6 |
|
13 |
අකුරැස්ස |
46 |
15 |
|
14 |
මාලිම්බඩ |
29 |
8 |
|
15 |
පස්ගොඩ |
43 |
11 |
|
16 |
වැලිගම |
48 |
18 |
|
|
එකතුව |
650 |
186 |
මේ අනුව සියලුම පුරප්පාඩු සංඛ්‍යාව 186යි. මුළු මාතර දිස්ත්‍රික්කයේම අනුමත ග්‍රාම නිලධාරි තනතුරු සංඛ්‍යාව 650යි.
(ii) දිවයින පුරා පවතින ග්‍රාම නිලධාරි පුරප්පාඩු පිරවීම සඳහා 2012.10.05 දිනැති ගැසට් නිවේදනය අනුව මේ වන විටත් අයදුම් පත් කැඳවා අවසන් කර ඇති අතර, ඒ අනුව විවෘත තරග විභාගයක් පවත්වා සුදුසුකම් ලබන අපේක්ෂකයින් සම්මුඛ පරීක්ෂණයට කැඳවා ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව අනුව ඉදිරියේ දී බඳවා ගැනීමට කටයුතු කෙරේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-03-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks