04

E   |     |  

 දිනය: 2013-02-22   පිළිතුර ලබා දී ඇත 

1962/2013: මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුව ඇති වංචාව : වැරදිකරුවන්ට දඬුවම්

1962/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       2010 වර්ෂයේ දී විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද වාර්තාවට අනූව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 6400 ක වංචාවක් සිදු වී ඇති බවත්;

(ii) ආනයනය කරන ලද වාහන බඳ කොටස් යොදා සකසන වාහන සඳහා දැනට ලියාපදිංචි කර ඇති වාහනවල අංක යෙදීම තුළින් මෙම වංචාව සිදු කරන බවත්;

(iii) එම  නිසා රජයට විශාල ආදායමක් අහිමි වන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, එම වංචාවට අදාළව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දැඩි දඬුවම් දීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-02-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කුමාර වෙල්ගම මහතා

(மாண்புமிகு குமார வெல்கம)

(The Hon.  Kumara Welgama)

ගරු කථානායකතුමනි, දීර්ඝ පිළිතුරක් තිබෙන්නේ.  ඒ නිසා මා  මේ පිළිතුර සභාගත* කරනවා.  ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට මේ පිළිතුර ලැබිලා ඇති. මේ ගැන මොනවා හරි ප්‍රශ්න තිබෙනවා නම් මගෙන් අහන්න.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

පිළිතුරු දුන් දිනය

2013-02-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks