පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1961/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) අඟුණුකොළපැලැස්ස දිසා රෝහලෙහි පවත්නා දැඩි භෞතික හා මානව සම්පත් හිඟය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව විශාල ගැටලු රැසකට මුහුණපා ඇති බවත්;
(ii) මෙහි ගොඩනැගිලි කිහිපයක් ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් අත්හැර දමා ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) අඟුණුකොළපැලැස්ස දිසා රෝහලට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීම සඳහා සැලසුම් කර තිබේද;
(ii) ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේද;
(iii) එසේ නම්, රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) එම රෝහලේ පවතින සේවක ඌනතාව කොපමණද යන්න හඳුනාගෙන තිබේද;
(ii) ඒ අනූව එක් එක් අංශය සඳහා පවත්නා සේවක පුරප්පාඩු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-02-22
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ලලිත් දිසානායක මහතා
(மாண்புமிகு லலித் திசாநாயக்க)
(The Hon. Lalith Dissanayake)
ගරු කථානායකතුමනි, සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) අඟුනකොළපැලැස්ස දිසා රෝහලේ මේ වන විට සම්පත් හිඟයක් නොමැත.
(ii) පැරණි ගොඩනැඟිලි වෙනුවට නව ගොඩනැඟිලි ඉදිකර ඇති අතර ඉතා පැරණි ගොඩනැඟිලි 02ක් භාවිතයට ගත නොහැකි තත්ත්වයක පවතී.
(ආ) (i) 2012 වර්ෂයට අදාළ සැලසුම් දැනට සිදු කරනු ලැබ ඇත.
(ii) ඔව්. රුපියල් මිලියන 15යි.
(iii) දැනට ආරම්භ කර ඇත.
(ඇ) (i) දැනට සේවක ඌනතාවක් නොමැත.
(ii)
|
|
ඇති විය හැකි පුරප්පාඩු සංඛ්‍යාව |
|
වෛද්‍ය නිලධාරි |
05 |
|
දන්ත ශල්‍ය වෛද්‍ය |
01 |
|
ලියා පදිංචි සහකාර වෛද්‍ය |
00 |
|
හෙද කාර්ය මණ්ඩලය |
15 |
|
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ |
01 |
|
ඖෂධ සංයෝජක |
02 |
|
සංවර්ධන සහකාර |
01 |
|
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි |
04 |
|
රෝහල් උපස්ථායක |
05 |
|
අරක්කැමි |
00 |
|
සාමාන්‍ය කම්කරු |
05 |
|
ඉසින යන්ත්‍ර ක්‍රියාකරු |
00 |
|
සනීපාරක්ෂක කම්කරු |
09 |
|
හෙද (I ශ්‍රේණිය) |
01 |
|
රියැදුරු |
01 |
|
රෝහල් ඕවර්සියර් |
01 |
|
මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පි |
01 |
(iii) මෙම වසර තුළ ලබා දීමට නියමිතය.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks