04

E   |     |  

 දිනය: 2013-02-21   පිළිතුර ලබා දී ඇත 

1959/2013: පිලගොඩ කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රධාන ශාලාව : ප්‍රතිසංස්කරණය

1959/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ගාල්ල දිස්ත්‍රික්කයේ, ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මගින් පාලනය වන පිලගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ වහලය අබලන්වී කඩා වැටීමට ආසන්නව පවතින බවත්;

  (ii)  එම තත්ත්වය පාසලේ සිසු දරු දැරියන්ගේ ජීවිතවලට තර්ජනයක් බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)   (i)  අබලන්ව ඇති  එම ගොඩනැගිල්ල කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන්නේද;

  (ii)  ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කර තිබේද;

  (iii)  එසේ නම්, ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?     

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-02-21

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු බන්දුල ගුණවර්ධන මහතා (අධ්‍යාපන අමාත්‍යතුමා)

(மாண்புமிகு பந்துல குணவர்தன - கல்வி  அமைச்சர்)

(The Hon. Bandula Gunawardane - Minister of Education)

(අ)          (i)      දකුණු පළාත් අධ්‍යාපන ලේකම්ගේ පිළිතුරු ලිපියට අනුව, ඔව්.

              (ii)      නැත. (දකුණු පළාත් අධ්‍යාපන ලේකම්ගේ පිළිතුරු ලිපියට අනුව ප්‍රතිසංස්කරණ කටයුතු කර ඇති බැවින්)

(ආ)         (i)      ප්‍රතිසංස්කරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් විසින් දන්වා ඇත.

(ii) ඔව්.

(iii) 2011.10.05 පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ මෙම ගොඩනැඟිල්ලෙහි සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කරන ලදී. වැය කර ඇති මුදල රුපියල් මිලියන 1.6කි. ප්‍රතිසංස්කරණ කටයුතු නිම කළ දිනය 2011.11.04 දිනය බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් විසින් දන්වා එවා ඇත.

(ඇ) අදාළ නොවේ. 

 

පිළිතුරු දුන් දිනය

2013-02-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks