පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1958/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති හලාවත මහ රෝහලෙහි මේ වනවිට පවතින භෞතික සම්පත්වල ඌනතාවන් හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව තම සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණපාන බව එතුමා දන්නෙහිද?
(ආ) (i) හලාවත මහ රෝහලෙහි පවත්නා අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කර ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කරන්නේද;
(ii) ඒ සඳහා මේ වන විට සැලසුම් සකස් කර තිබේද;
(iii) එසේ නම්, ඊට අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-02-20
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ලලිත් දිසානායක මහතා (සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு லலித் திசாநாயக்க - சுகாதார பிரதி அமைச்சர்)
(The Hon. Lalith Dissanayake - Deputy Minister of Health)
ගරු කථානායකතුමනි, සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.
(අ) හලාවත මහ රෝහල මධ්‍ය රජයට පවරා ගැනීමෙන් පසුව රෝහලේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා කටයුතු සිදු කෙරෙමින් පවතී.
(ආ) (i) ඔව්.
* ගිලන් රථ තුනක් ඊයේ පෙරේදා අපි ලබා දුන්නා. හෘද රෝග සායන ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ECG යන්ත්‍ර, Echo යන්ත්‍ර ආදිය ලබා දීමට කටයුතු සිදු කරමින් පවතින අතර, වාට්ටුවල කැඩී බිඳී තිබූ වැසිකිළි, රෝගීන්ට අවශ්‍ය රෝද පුටු, ට්‍රොලී ආදිය නවීකරණය කර ඇත.
* රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ (මිලියන 80ක් පමණ වටිනා) ලබා දී ඇති අතර ගැබිණි මවුවරුන්ට දරු ප්‍රසූතිය ආරක්ෂිතව සිදු කිරීමට අවශ්‍ය උපකරණ ලබා දී ඇත.
(ii) ඔව්.
දැනට රෝහලේ නව ශල්‍යාගාර වාට්ටු සංකීර්ණය ඉදිකිරීම - construction of new surgical ward complex - සහ වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීම - construction of new medical ward complex - සම්බන්ධව යෝජනා, ජාතික සැලසුම් අංශයේ අනුමැතිය හා නිර්දේශ ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇත.
(iii) 2013 වසරට වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමේ - construction of new medical ward complex - ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීම සඳහා රු:15,000,000.00ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks