04

E   |     |  

 දිනය: 2012-12-06   පිළිතුර ලබා දී ඇත 

1952/2012: මාතර - කතරගම දුම්රිය මාර්ගය ඉදි කිරීම : ඇස්තමේන්තුගත මුදල

1952/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අවස්ථා ගණනාවකදී ආරම්භ කළත්, මේ දක්වා එහි කටයුතු අවසන් කර නොමැති බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා ඇස්තමේන්තුගත මුදල කොපමණද;

  (ii)  එම දුම්රිය මාර්ගයේ කටයුතු සඳහා ප්‍රතිපාදන සපයනු ලබන දේශීය හෝ ජාත්‍යන්තර ආයතනයේ නම කවරේද; 

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  (i)  මාතර - කතරගම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීමට හේතු සොයා බලා කඩිනමින් එහි කටයුතු ආරම්භ කිරීමට ක්‍රියා කරන්නේද;

   (ii)  එසේ නම්, එම දිනය කවරේද;

 යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-12-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කුමාර වෙල්ගම මහතා (ප්‍රවාහන අමාත්‍යතුමා)

(மாண்புமிகு குமார வெல்கம - போக்குவரத்து அமைச்சர்)

(The Hon. Kumara Welgama - Minister of Transport)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේය.

(අ)       ඔව්.

(ආ)         (i)      ඩොලර් මිලියන 278.2

              (ii)      චෛනා එක්ස්සිම් බැංකුව. (China EXIM Bank)

(ඇ)         (i)      ඔව්.

              (ii)      කොන්ත්‍රාත් ගිවිසුම අත්සන් කර ඇති අතර, ණය ගිවිසුම අත්සන් කිරීමට නියමිතව       ඇත. ණය ගිවිසුම අත්සන් නොකළද, කොන්‍ත්‍රාත් සමාගම විසින් මේ වන විටත් ඉදි කිරීම් වැඩ ආරම්භ කර ඇත.

(ඈ)     අදාළ නැත.

 

පිළිතුරු දුන් දිනය

2012-12-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks