පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1948/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මොනරාගල මහ රෝහලෙහි ප්‍රමාණවත් තරම් ගොඩනැගිලි, රෝහල් ඇඳන් සහ අනෙකුත් භෞතික සම්පත් නොමැති බවත්;
(ii) එම තත්ත්වය නිසා ප්‍රදේශයේ රෝගී ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) එම රෝහලට අවශ්‍ය සම්පත් ලබාදීමට කඩිනමින් කටයුතු කරන්නේද;
(ii) ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන්කර තිබේද;
(iii) එසේ නම්, වෙන්කර ඇති මුදල කොපමණද;
(iv) අරමුදල් තිබේ නම්, ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-12-04
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ලලිත් දිසානායක මහතා (සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு லலித் திசாநாயக்க - சுகாதார பிரதி அமைச்சர்)
(The Hon. Lalith Dissanayake - Deputy Minister of Health)
ගරු කථානායකතුමනි, සෞඛ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) රෝහල සඳහා අත්‍යවශ්‍ය වන ගොඩනැඟිලි ඉදි කිරීම් සම්බන්ධව ප්‍රමුඛතාව ලබා දී 2009 වසර අවසානයේ හදිසි අනතුරු ඒකකය හා වාට්ටු සංකීර්ණය ඉදි කිරීම් වැඩ ආරම්භ කර ඇත.
(ii) සැලකිය යුතු මට්ටමක රෝගී සත්කාර සේවාවක් මෙම රෝහල මඟින් ප්‍රදේශයේ ජනතාවට ලබා දේ.
(ආ) (i) දැනටමත් එම රෝහලට අවශ්‍ය සම්පත් ලබා දීමට කටයුතු කරමින් පවතී.
(ii) ඔව්.
(iii) ඉදි කිරීම් හා නඩත්තු සඳහා
- අමාත්‍යාංශයෙන් - රු. මිලියන 434
- රෝහලේ ප්‍රසම්පාදනය මඟින් -රු. මිලියන 18.51
වෛද්‍ය උපකරණ - අමාත්‍යාංශයේ ජීව
වෛද්‍ය ඉංජිනේරු ඒකකයෙන් - රු. මිලියන 7.55
රෝහලේ ප්‍රසම්පාදනය මඟින් - රු. මිලියන 3.5
රසායනාගාර උපකරණ සඳහා -රු. මිලියන 0.550
සාමාන්‍ය/රෝහල්/ශල්‍යාගාර
උපකරණ සඳහා -රු. මිලියන 8.938
(iv) මේ වන විට ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතින අතර 90%කට වැඩි ඉදි කිරීම් ප්‍රගතියක් ප්‍රධාන ඉදි කිරීම්වල දක්නට ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2012-12-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු ලලිත් දිසානායක මහතා, පා.ම., මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks