බලන්න

02

E   |     |  

 දිනය: 2012-12-03   පිළිතුර ලබා දී ඇත 

1947/2012: කපුදූව පේශකර්ම මධ්‍යස්ථානය : ගොඩනැඟිල්ල සහ උපකරණ

1947/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      මාතර දිස්ත්‍රික්කයේ, තිහගොඩ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ පිහිටි, කපුදූව පේෂකර්ම මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සහ එහි උපකරණ මේ වන විට විනාශවෙමින් පවතින බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       එහි ඇති සම්පත් යොදාගෙන නැවත එම පුහුණු මධ්‍යස්ථානය යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන්නේද;

   (ii)  නොඑසේ නම්, එම ස්ථානය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකට හෝ වෙනත් කටයුත්තක් සඳහා යොදා ගැනීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

අසන ලද දිනය

2012-12-03

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත් පාලන හා පළාත් සභා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා (පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு இந்திக பண்டாரநாயக்க - உள்ளூராட்சி, மாகாண சபைகள் பிரதி அமைச்சர்)

(The Hon. Indika Bandaranayake - Deputy Minister of Local Government and Provincial Councils)

ගරු කථානායකතුමනි, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු දෙනවා.

(අ)       පේශකර්ම මධ්‍යස්ථානයේ උපකරණ සියල්ල ඉවත් කර ආරක්ෂිතව තබා ඇති අතර, ගොඩනැඟිල්ල අලුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් වෙත පවරා ඇත.

(ආ) (i) දකුණු පළාත් අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ගොඩනැඟිල්ල පොදු කටයුත්තක් සඳහා ප්‍රයෝජනයට ගැනීමට තිහගොඩ ප්‍රාදේශීය ලේකම් වෙත භාර දීමට තීරණය කර ඇත.

(ii) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2013-06-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks