පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1945/’11
ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුලියාපිටිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ, කටුපොත නගරයේ ඉදිකර ඇති බස් නැවතුම්පළ මීට වර්ෂ දාහතරකට පමණ පෙර විවෘත කළ බවත්;
(ii) විවෘත කළ දින සිට භාවිතයට නොගැනීම නිසා වෙළඳ කුටි 12 ක් ඇතුළු එම ගොඩනැගිලි විනාශවෙමින් පවතින බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) එම බස් නැවතුම්පළ හා වෙළඳ කුටි ප්‍රයෝජනයට නොගෙන අතහැර දැමීමට හේතු කවරේද;
(ii) එම ගොඩනැගිලි නැවත ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පවරාදීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-11-29
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත් පාලන හා පළාත් සභා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා (පළාත් පාලන හා පළාත් සභා නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு இந்திக பண்டாரநாயக்க - உள்ளூராட்சி, மாகாண சபைகள் பிரதி அமைச்சர்)
(The Hon. Indika Bandaranayake - Deputy Minister of Local Government and Provincial Councils)
ගරු කථානායකතුමනි, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.
(අ) (i) ඔව්.
(ii) නැත.
(ආ) (i) බස් නැවතුම්පළ හා වෙළෙඳ කුටි ප්‍රයෝජනයට නොගෙන අත හැර දැමීමක් සිදු වී නොමැත.
(ii) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-03-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉන්දික බණ්ඩාරනායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks