04

E   |     |  

 දිනය: 2012-11-22   පිළිතුර ලබා දී ඇත 

1940/2012: ඉන්දියානු සමාගමකට ලබා දුන් වරාය අධිකාරියේ ගුදම : විස්තර

1940/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— වරාය හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ශ්‍රී ලංකා වරාය අධිකාරියේ භාණ්ඩ ගබඩා කිරීමට වෙන්කර තිබූ ගුදම් අංක 04 මන්නාරමේ තෙල් කැණීමේ නිරත ඉන්දියානු සමාගමකට ලබාදී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       එම ගුදම ඉන්දියානු සමාගමට ලබාදීමට හේතු කවරේද;

(ii) එය ලබා දී ඇති පදනම කවරේද;

(iii) එම ගුදම ඉන්දියානු සමාගමකට ලබාදීමෙන් අපේක්ෂිත ආදායම කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?       

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-22

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වරාය හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා (වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යතුමා)

(மாண்புமிகு ரோஹித அபேகுணவர்தன - துறைமுகங்கள், நெடுஞ்சாலைகள் பிரதி அமைச்சர்)

(The Hon. Rohitha Abeygunawardana - Deputy Minister of Ports and Highways)

ගරු කථානායකතුමනි, වරාය හා මහාමාර්ග අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)       ඔව්, කොළඹ වරායේ බණ්ඩාරනායක ජැටියේ පිහිටි අංක 04 ගුදම නොව අංක 02 දරන ගුදමෙහි කොටසක් ‍කෙටි කාලීන පදනමක් මත තෙල් ගවේෂණ කටයුතුවල යෙදෙන සමාගමකට බදු දී ඇත.

(ආ) (i) මන්නාරම් බොක්කේ තෙල් ගවේෂණ කටයුතු සඳහා එම සමාගමට අවශ්‍ය උපකරණ ද්‍රව්‍ය හා සේවා සැපයුම් සම්පාදනයට පහසුකම් සැලසීම සඳහාය.

(ii) බිම් කුලී පදනම මත හා 2012 අගෝස්තු 01 දින සිට මාස 12ක කාලයකට.

(iii) අපේක්ෂිත මාසික ආදායම ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 23,242.20

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks