01

E   |     |  

 දිනය: 2012-11-21   පිළිතුර ලබා දී ඇත 

1939/2012: මාබොටුවන ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය: වැය කළ මුදල

1939/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මාබොටුවන ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දක්ෂිණ සංවර්ධන අධිකාරිය මගින්  වැය කරන ලද මුදල කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)   (i)   එම ප්‍රජා ශාලාව මේ වන විට ගොඩනැගිල්ලකට හා නාම පුවරුවකට පමණක් සීමා වී ඇති බවත්;

  (ii)   මුදල් වැයකර ප්‍රතිසංස්කරණය කළ එම ‍ගොඩනැගිල්ල ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා තිබීම ජාතික අපරාධයක් බවත්;

එතුමා පිළිගන්නෙහිද?

 (ඇ)   එසේ නම්, පවත්නා අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කර මහජනතාවගේ භාවිතය සඳහා එම ප්‍රජා ශාලාව විවෘත කිරීමට කටයුතු කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

 (ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-21

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා

(மாண்புமிகு லக்ஷ்மன்  யாப்பா  அபேவர்தன)

(The Hon.  Lakshman  Yapa  Abeywardena)

ගරු කථානායකතුමනි, ආර්ථික සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් මම එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ) ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මාබොටුවන ප්‍රජා ශාලාව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දක්ෂිණ සංවර්ධන අධිකාරිය මඟින් වැය කරන ලද මුදල - රුපියල් හාරලක්ෂ තිස්දෙදහස් නවසිය අසූදෙකයි සත තිස්නවයකි. (රුපියල් 432,982.39කි.)

(ආ)     (i) සහ (ii) මෙම ප්‍රජා ශාලාව, බද්දේගම ප්‍රාදේශීය සභාව වෙත භාර දී ඇති අතර, මාබොටුවන සමෘද්ධි සමිතියේ රැස්වීම්ද, ගොවි සංවිධානයේ මාසික රැස්වීම්ද, ගම්මානයේ ප්‍රජා රැස්වීම්ද පැවැත්වීමට මෙම ප්‍රජා ශාලාව දැනට  යොදා ගනී.

 (ඇ)  මෙම ප්‍රජා ශාලාව විවෘත කර දැනටමත් මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදා ගන්නා අතර රැස්වීම් පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් පවතී.

(ඈ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2012-11-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks