පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1935/’11
ගරු රවී කරුණානායක මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2011 වර්ෂයේ මැයි සිට ජූලි දක්වා වන කාල සීමාව තුළදී ශ්‍රී ලංකාවට බාල තත්ත්වයේ පෙට්‍රල් සහ වෙනත් ඛනිජ තෙල් නිෂ්පාදන සැපයූ සැපයුම්කරු හෝ සැපයුම්කරුවන්ගේ නම් කවරේද;
(ii) අමාත්‍යාංශය බාල තත්ත්වයේ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමේදී සිදුවී ඇති වංචාවලින් බැහැර වන්නේ කෙසේද;
(iii) තත්ත්වයෙන් බාල පෙට්‍රල් භාවිතා කිරීම නිසා අලාභහානි විඳීමට සිදු වූ පාරිභෝගිකයන් සංඛ්‍යාව කොපමණද;
(iv) තත්ත්වයෙන් බාල පෙට්‍රල් භාවිතා කිරීමෙන් ඇති වූ අලාභ හානි සම්බන්ධව පැමිණිලි කළ පාරිභෝගිකයන්ගේ නම් කවරේද;
(v) අලාභ හානි විඳීමට සිදු වූ එක් එක් පාරිභෝගිකයාට වන්දි වශයෙන් ලබා දුන් මුදල් ප්‍රමාණය කවරේද;
(vi) තත්ත්වයෙන් බාල පෙට්‍රල් හේතුවෙන් හානි වූ යන්ත්‍රෝපකරණ සහිත ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව කොපමණද;
(vii) එම ඉන්ධන පිරවුම්හල්වලට වන්දි ලබාදෙන ආකාරය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) තත්ත්වයෙන් බාල පෙට්‍රල් පිළිබඳ වංචාව ජනතාවට හෙළිකළ පාර්ශ්වයන් වෙත ආකර්ෂණීය ප්‍රසාද දීමනාවක් ලබා දෙන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-08-21
අසන ලද්දේ
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා
(மாண்புமிகு அநுர பிரியதர்ஷன யாப்பா)
(The Hon. Anura Priyadharshana Yapa)
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මා සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) 2011 මැයි සිට ජූලි දක්වා කාල සීමාව තුළ ලංකාවට පෙට්‍රල් සහ වෙනත් ඛනිජ තෙල් නිෂ්පාදන සමාගම් කිහිපයකින් ගෙන්වන ලදී. ඉනොක් සමාගමෙන් ගෙන්වන ලද තෙල්වල ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් තිබුණි.
(ii) අමාත්‍යාංශය තෙල් ආනයනය නොකරයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග අනුගමනය කර තෙල් ආනයනය කරයි.
(iiii) පැමිණිලි කළ සංඛ්‍යාව 3,302කි.
(iv) කරුණාකර ඇමුණුම 01* බලන්න.
(v) කරුණාකර ඇමුණුම 02* බලන්න.
(vi) ආසන්න වශයෙන් ඉන්ධන පිරවුම්හල් 350කි.
(vii) ආපදා වූ පොම්ප ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් නොමිලයේ අලුත්වැඩියා කර දීමට කටයුතු කරන ලදී.
(ආ) සංස්ථාව විසින්ම පරීක්ෂා කරන ලද කමිටුවේ ප්‍රතිඵල මත කටයුතු කර ඇති බැවින් කිසිවෙකුට ප්‍රසාද දීමනා ගෙවීමේ අවශ්‍යතාව පැන නොනඟී. හානියට පත් වූ වාහනවලට වන්දි ගෙවීම සහ ආපදා වූ ඉන්ධන පොම්ප අලුත්වැඩියා කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් මිලියන 55ක මුදලක් අදාළ සමාගම විසින් ගෙවා ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2013-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks